මීගමුව NPP සංවිධායකවරයාගෙන් ක්‍රියාකාරිකයෙකුට තර්ජන .?

0
221

 

මේ දිනවල මීගමුවේ වට්ස්ඇප් (whatsapp ) කණ්ඩායම් අතර එක්තරා වොයිස් ක්ලිප් එකක්  ඉතාම ශීඝ්‍ර ලෙස හුවමාරු වෙමින් පවතී.

” මීගමුව මාලිමාවේ සංවිධායක ජූඩ් සිල්වා හිටපු නගර සභා අපේක්ශක අනිල් මුනසිංහට කරන මරන තර්ජන.” …… යනුවෙන් මේ හුවමාරු  වන හඬපටය සදහන් කර ඇත.

මේ පිළිබඳව සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ මේ සිදුවීම සිදු වී ඇත්තේ මෙයට මාස 03 කට පමණ කාලයකට පෙරාතුව බවයි. එනම් නැගෙනහිර දලුවාකොටුව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ (NPP) මීගමුව මහා නගර සභා අපේක්ෂකයා බවට නම්කර තිබී ඇත්තේ අනිල් මුණසිංහ නමැති අයවයි.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු  බවද සැලය.

2010 වසරේ පමණ කාලයේ සිට එනම් විශේෂ කැප කිරීම් කල අයෙකු ලෙසද ප්‍රකටය. .

ජේ.වී.පී.ය, එන්.පී.පී ය බවට පත් වු පසුවද අනිල් මුණසිංහ නැමැති අයව මිට පෙර ලයිස්තුව සඳහා ( පළාත් පාලන ඡන්දය)   මීගමු මහා නගර සභාව වෙනුවෙන් නැගෙනහිර දලුවකොටුව ප්‍රදේශය නියෝජනය කරන එන්.පී.පී. අපේක්ෂකයා ලෙස නම් කර ඇත.

එහෙත් එම නැගෙනහිර දලුවාකොටුව ප්‍රදේශයේ කොට්ඨාස සභාවේ නිලතල දැරූ බොහෝ ක්‍රියාකාරී සාමාජික, සාමාජිකාවන් ඉවත්ව ඇති අතර ඉන් පසුව පත්ව ඇති කොට්ඨාස සභා සාමාජිකයන් සමඟ එන්.පී.පී. හී මීගමුවේ සංවිධායකවරයා වන ජුඩ් සිල්වා විසින් අනිල් මුණසිංහ ව එම පක්ෂයේ අපේක්ෂක ලයිස්තුවෙන් කපා දමා වෙනත් අයෙකුව එම පක්ෂයෙන් නැගෙනහිර දලුවකොටුව ප්‍රදේශය සඳහා නම්කර තිබුන බවට බරපතල චෝදනාවක්ද පවති.

. මේ පිළිබඳව කාලයක් තිස්සේ පක්ෂ ක්‍රියාකාරකයකු , ලෙස කටයුතු කරන මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ ” මහින්ද” නැමැත්තකුට මේ පිළිබඳව අනිල් මුණසිංහ  තමාට වූ අසාධාරණය පිළිබඳව දැනුවත් කර ඇත.

ඒ පිළිබඳව දැනගත් මීගමුවේ එන්.පී.පී. සංවිධායක ජූඩ් සිල්වා විසින් අනිල් මුණසිංහට මෙලෙස දුරකථනයෙන් තර්ජනය කර ඇත.

අදාල හඬ පටයේ ජුඩ් සිල්වා විසින් තර්ජනය කරන ආකාරය ගැන හඬ සටහන පහත දැක්වේ.

අඟුරුකාරමුල්ල පැත්තේ.

කොයි මහින්දව ද

ඒ මොකටද

ආ ඔයාගේ හිතවත් කට්ටිය හම්බවෙන්ඩ ඔයා කොට්ඨාශ සභා කැඳවලා අනම්මනම් බයිලා කරන්ඩ ආවොත් අනිල් හරිද ඔයා ඔයාට මෙහේ කරන්ඩ පුළුවන් රෙද්දක් නෑ හරිද මම නරක මිනිහා කියන්ඩ එපා හරිද අන්න ඒක දැනගනින් තේරුණාද.

උඹගේ අර මොකාද අර චන්ඩියා කවුද අර මේ පාතිමා වත්තේ ඉන්නේ ඌටත් කියපන්. හරිද උඹලා දන්නේ නෑ ජේ.වී.පී එක ගැන .උඹල ඒක දැනගෙන වැඩ කරපන්. හරිද
උඹ උඹලා දන්නවා ජේවීපී එක ගැන බම්බුව.

උඹව හම්බවෙන්නම්, උඹ ඉඳපන්
උඹ නිකන් මේ බැරි වැඩ කරන්න ඇවිල්ලා කෙලෝ ගන්නේ නැතුව ඉඳපන් යකෝ.

මිගමුවේ NPP එක භාරව සිටින පුද්ගලයා මේ ආකාරයේ චණ්ඩියෙකු ලෙස  මාලිමා සඟයන්ටම තර්ජනය කරන්නේ නම් ඉන් කියැවෙන්නේ සැබැවින්ම බරපතල තත්වයකි.

මේවා ගැන දිස්ත්‍රික් නායකයන්  ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි මාලිමා ක්‍රියාකාරින් දැන් ප්‍රශ්ණ කිරිමට සුදානමින් සිටින බවද  වාර්තාවේ.

මිගමුවේ මාලිමාව තුල ගැටලු රැසක්.නිර්මාණය කිරිමට මුල්ව ඇති චරිතයක් බවට පත්ව ඇති මේ පුද්ගලයා තමන්ට කැමති අයට සහය දෙන්නටත් අනික් අයව කපා දැමිමටත් කටයුතු කර ඇති බවට චෝදනා රැසක් පසුගිය කාලය පුරාම එල්ලව තිබුණි.

තමන්ට කැමති අය ලංකර ගැනිමට අදාලවද මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය ගැන මේ වන විටත් බොහෝ දේ මාලිමා කණ්ඩායම් සමාජිකයන් අතර පැතිර යන්නට පටන් ගෙන ඇතැයිද සැලය.ඒවා ගැන අසා ඇතැමුන් විශ්මයට පත්ව ඇතැයිද විවිධ තැන් වල කසුකසු පවති.

කෙසේ වෙතත් මිගමුවේ මාලිමා වේ ඡන්ද අපේක්ෂකයන් තේරිමේදි  මිගමුවේ අනෙක් වගකිව යුතු ප්‍රධානින්  සම්බන්ධ කරනොගෙන සකස් කර ඇති බවටද ජුඩ් එරෙහිව ඇති තවත් චෝදනාවකි .

මෙම තේරීම්  වලදි ඇතැමුන් දිනවිමට ඉඩ සලසවමින් මෙන්ම ඇතැමුන්ට ජය ගැනිම අපහසු කරවන ආකාරයටද  කුමන්ත්‍රණයක් කර ඇති බවට ඇතැම් අපේක්ෂකයන්  ජුඩ් නැමැති පුද්ගලයාට ප්‍රසිද්ධියේ චෝදනා කළ අවස්ථාවන් ගැනද වාර්තා වි තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here