..
ටීචර් අම්මා නොහොත් හයේසිකා ප්‍රනාන්දු නමැති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියගෙන් අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ ක්‍රිෂාල් අගලවත්ත නම් 21 හැවිරිදි තරුණයාගේ මවුපියන් සහ වැඩිමහල් සහෝදරිය විසින් අද දින (16/05/2025 ) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. මීගමුව අඟුරුකාරමුල්ල, බෝධිරාජාරාම විහාරස්ථානයේ , ප්‍රධාන ශාලාවේ අද පෙරවරුවේ දී , පැවැති මේ මාධ්‍ය හමුව සඳහා, මෙම අමානුෂික ප්‍රහාරයට ලක් වු එම තරුණයාගේ, පියා සහ මව වන ක්‍රිෂ්මන් නීල් , ධම්මිකා අගලවත්ත යන අයද එලෙසම තරුණයාගේ වැඩිමහල් සහෝදරිය වන ෂයිනි අගලවත්ත නමැත්තියද සහභාගිවූහ.
ටීචර් අම්මා නොහොත් හයේශිකා ප්‍රනාන්දු නමැති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියගේ අමානුෂික ප්‍රහාරයට ලක් වූ රිතික් ත්‍රිෂාල් නැමැති මෙම 21 හැවිරිදි තරුණයා මෙගෙස අමානුෂික ලෙස පහර කෑමෙන් පසු වතා දෙකක දීම ප්‍රතිකාර ලැබුවේ මීගමු මහා රෝහලෙනි. ඒ අනුව ඔහුව පසුගිය 12 වැනිදා මීගමු රෝහලින් ටිකට් කපා නිවසට යවා තිබීනි. එහෙත් ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල , විශේෂයෙන්ම වෘෂණ කෝෂ ස්ථාන ඇතුළු යටිබඩ ආශ්‍රිත ව ඇති වු වේදනාවද උත්සන්න වී තිබේ. ඒ අනුව පසුගිය 13 වෙනිදා සවස රාගම මහා රෝහලට ඔහුව ඇතුලත් කර තිබේ. ඒ අනුව රාගම මහා රෝහලේදී ඊයේ දින එනම් 15 වෙනිදා දින වෛද්‍ය පරීක්ෂන කීහිපයකට ඔහුව ලක් කර තිබේ. අනතුරුව , රාගම රෝහල විසින්, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යවා තිබේ. ඒ අනුව මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අද දිනයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෙම තරුණයාගේ මව වන ධම්මිකා අගලවත්ත නමැත්තිය ප්‍රකාශ කළේ මෙවැනි ආකාරයක අමානුෂික පහර කෑමකට ලක් වූ තම එකම පුතු අනාගතයේදී ලිංගික බෙලහීනතාවයකට ද පත්වීමට දැඩි අවදානමක් පවතින බවයි. එසේ වුවහොත් තම එකම පුතුගේ අනාගත ජීවිතය ද අඳුරු විය හැකි බව ඒ අවස්ථාවේදී ඇය හැඬු කඳුළෙන් යුතුව පැවසීය. එවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ටීචර් අම්මා නොහොත් හයේශිකා ටීචර් වගකිය යුතු බවද ඇය මෙහිදී අවධාරණය කළාය.
අධිකරණයේ තීන්දුවට තමන් හිස නමන බවත්, එලෙසම තම එකම පුතුට සිදුවූ මෙම අසාධාරණයට , නිසි සාධාරණ පරීක්ෂණයක් පවත්වා, තම පුතුට සාධාරණය හා යුක්තිය බලාපොරොත්තු වන බවත්, ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ තම පුතුගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නම් නිසි සාධාරණ විමර්ශනයක් මේ සම්බන්ධව සිදු කළ යුතු බවයි.ඒ සඳහා වගකිවයුතු ආයතන හා නිලධාරීන් මැදිහත්ව තම පුතුගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් සාධාරණත්වය හා යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන ලෙසද ඇය මෙහිදී වගකීව යුතු සැමගෙන් ඉල්ලා සිටියාය.
පසුගිය 14 වෙනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස නම් කර ඇති හයේෂිකා ප්‍රනාන්දු මෙම ටියුෂන් ගුරුවරිය එදින අධිකරණයට භාර වූ අතර එහිදී ඇයටත්, ,ඇයගේ සැමියා සහ ඇයගේ අධ්‍යාපන ආයතනයේ කළමනාකරුටත් , එමෙන්ම මෙම පහරදීම සිදුවන අවස්ථාවේ ඊට අනුබලදීමේ චෝදනාවට ලක් වූ සහ එදින අධිකරණයට ඉදිරිපත් කර සිටි තවත් තරුණයෙන් දෙදෙනෙකුට ද අධිකරණය විසින් ඇප ලබාදුනි.
ඒ අනුව හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇතුළු සෙසු සැකකරුවන් 04 දෙනාටම ,එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ශරීර ඇප දෙකක් යටතේ අප මත නිදහස් කෙරිණි.
මේ අතර දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පසුවන බවත් මෙම මාධ්‍ය හමුවේදිම පවුලේ අය විසින් පවසා තිබුණි.
හයේෂිකා විසින් ඇගේ සේවිකාවකට මෙම තරුණයා යම් ලිංගික හිරිහරයක් කර ඇති බවට පැමිණිල්ලක් මිට පෙර කර තිබුණි.ඒ මෙම පහර දිම මැයි 06 වෙනිදා රාත්‍රියේ සිදුව තිබුන අතර ලිංගික අතවර පැමිණිල්ල යොදා ඇත්තේ ඉන්පසුවය.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ලට මෙම තරුණයාව රාගම රෝහල තුලදි අත්අඩංගුවට ගෙන ඇත්තේ හයේෂිකා ඇතුළු පිරිස ජනාධිපති නීතිවේදින්ගේ මැදිහත්මිමෙන් අනතුරුව මැයි 14 සවස් වරුවේදිය.