
පළාත් පාලන නිතිය තුල විපක්ෂ නායක යනුවෙන් තනතුරක් නොතිබුනද මේ දිනවල විපක්ෂයේ ඇතමුන් විපක්ෂ නායක විම සඳහා කුමන්ත්‍රණ කරමින් සිටින බව වාර්තාවේ.
ලංසා පවුලට සම්බන්ධ මෙවර ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර තේරිපත්ව සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු තමන් විපක්ෂ නායක තනතුරු ලබාගන්නා බවත් සජබ සහයද තමන්ට හිමිවන බවත් තැන තැන කියමින් යන බව වාර්තාවේ.
සජප ආසන සංවිධායක හා නිමල් ලංසා අතර කිට්ටු දේශපාලන මිතුදමක් පවතින බව මිගමුව තුල දැඩි ලෙස කථාබහට ලක්ව ඇති කරුණක් බවටද පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මිගමුව සජබ ආසන සංවිධායක දොස්තර කාවින්ද ජයවර්ධන කියා සිටියේ…
තමන් දැනට රෝහල් ගතව සිටින බවත් තම කාර්යාලයේ කණ්ඩායම සමඟින් දැනට සාකච්ජා කර තිබුනේ සජබ නියෝජනයක් විපක්ෂ නායක කමට දැමිමට ඇති හැකියාව අනික් අයද සමඟින් සාකච්ඡා කිරිමට ඇති ඉඩ කඩ විමසා බැලිමක් ගැනය.
කෙසේ වෙතත් සජබ පිරිසට වඩා ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් පිරිස වැඩි නිසා ඒ පිරිස එක්ව කාව යෝජනා කරනු ඇතිද යන ප්‍රශ්නයයි.
කෙසේ වෙතත් නිමල් ලංසා මේ කාරණයට අදාලව යම් මැදිහත්විමක් කරනු ලබන බව තොරතුරු සැලවෙමින් තිබේ.