පළාත් පාලන මැතිවරණයේදි දුන්න පොරොන්දු මංගල මහසභාවේදි අමතකවිම?

0
702

 

පළාත් මැතිවරණයේදි මෙන්ම ඊට පෙර පැවැති මැතිවරණ වලදිදි මිගමුවේ සකලාකාර දුෂණ ගැනත් ,ලංසා පවුල මිගමුව කාබාසිනියා කළ අකාරය ගැනත් හැම රැස්විමකදිම අවධාරණය කර තිබුණි.
බිච් පාක් එක මේ අතර ප්‍රධානතම දුෂිත ගණුදෙනුවක් ලෙසින් කියැවුණි.

එහෙත් මිගමුවේ මංගල මහසභාවේදි නිතියට පිටින් මිගමුව තුල සිදුකර තිබුන සියලු වංචාවන් මහජන මුදල් නාස්තියට එරෙහිව නිතියට අනුව දඬුවම් දෙන බවක් හෝ වෙනත් කිසිවක් කියවුන බවක් නොපෙනුනි.

නාගරික මන්ත්‍රී සංගිත් පෙරේරා මිගමුව ලංකාවේ දුෂිතම නගර සභාව ලෙස නම් කරමින් යම් විවේචන කිපයක් මතු කර ඇත.

නගරාධිපතිවරයාගේ පිලිතුරු කතාවේදි විපක්ෂයේ බොහෝ දෙනෙකු බලා සිට ඇත්තේ රටේම වංචා දුෂණ කලවුන් නිතිය මාර්ගයෙන් දඬුවම් ලබාදෙමින් සිටින පසුබිමක මිගමුව ගැනද යමක් කියනු ඇතැයි කියාය.

එහෙත් එවැන්නක් සිදුව තිබුනේ නැත.මෙය අතපසු විමක්ද? සැලසුම් සහගතව මඟහැර යාමක්ද?නැත්නම් පැලවත්තේ උපදෙසක්ද?

නම සඳහන් කිරිමට අකමැති වු විපක්ෂ සභිකයෙකු කියා සිටියේ බිච් පාක් එක සතියකින් පවරා ගන්නවා යැයි කියමින්ද, මුදල් අයකිරිම් කඩිනමින් සිදුකරනව යැයි කොමසාරිස්වරිය පවා කරන ලද ප්‍රකාශයන්ද ,එපමණක් නොව ඇතැම් මාලිමා⁣ අපේක්ෂකයන් සිය ෆේස් බුක් පිටු හරහා පවා විවිධ පොරටෝක් දි තිබුනද රජයට බලයට පැමිණ මාස 8කුත් ගෙවි ගොස් තිබුනද බිච් පාක් එක නගර සභාවට ගැනිමට කිසිදු ඵලදායි ක්‍රියාමාර්ගයක් ගැනිමට නොහැකිව ඇති පසුබිමකදි, යළිත් වරක් ඒ ගැන කියා අනාගන්නට බැරි නිසා බිච් පාක් එක සහ අනික් දේවල් කථා නොකරන්නට කලින් තින්දු කර ඇතැයි හැඟෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here