වෙනදට වඩා අද සාලයා තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත්.
හැබැයි එහෙම කියල මිළ නම් අඩුවෙච්ච පාටක් නෑ.
හොදම ප්‍රමිතියේ සාලයෝ අද අලෙවි වෙන්නේ රු 850ට.
හැබැයි වෙනද වඩා නම් ටිකක් ලාබයි.
ප්‍රමිතියෙන් ටිකක් අඩු, සහ කුඩා සාලයන් වශයෙන් අද යම්තරමකට සාලයා තොග ලෙල්ලමට ඇවිත් රු 600 ඉදන් රු800 දක්වා මිළ පරාසයක මේව අලෙවි වෙනව.
හැබැයි වෙනදට වඩා නම් සාලයෝ අද ලෙල්ලමේ තියෙනව.
අද ලින්නෝ අඩුයි.කුඩා ප්‍රමාණයේ ලින්නෝ කිලෝ එකක් රු 900ක් විතර වෙනව.
අලගුඩුවෝ නම් අනික් දවස් වල වගේමයි.කිලෝවක් රු 1200.
බලයොත් අද එච්චර දකින්න නැ.