මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලකි.
මේ ගොඩනැගිල්ල ගැන දැනටමත් යම් කසුකුසුවක් මතුව තිබේ. ඒ මෙහි අයිතිකරු නිසි ලෙස අදාල ඉදිකිරිම් ක්‍රියාවලයේ මුලිකාංග නිසි ලෙස අනුගමනය නොකරමින් කටයුතු කරන බවට චෝදනා එල්ල වි තිබේ.
මීගමුවේ පැවැතියේ එහෙම පිටින්ම ඩිල් දේශපාලනයකි. පවුලක තිරණය පළාත් පාලන නීතිය බවට පත්ව තිබුණි. නගර සභාවේ ප්‍රධාන පෙලේ ධුරවලට පත් කරතිබුනේද පවුලේ අනුමැතිය ලත් රාජ්‍ය නිලධාරින් පමණි.
මීට පෙර සිටි නාගරික කොමසාරිස්වරයා එයට කදිමම උදාහරණයයි.
මේ නිසාම මිගමුව නගරයේ අති බහුතරයක් ඉදිකිරිම් නීතියට වෙට්ටු දමා ගිය ඒවාම වි තිබුණි.
මිට පෙර සිටි කොමසාරිස්වරියා ලංසා පවුලේ මෙන්ම මෙම ගොඩනැගිල්ල ඉදිකරන ව්‍යාපාරිකයාගේද ගජයෙකි.
හිටපු කෙනා නිති නැමිල්ලේ සටකපටයෙකි.

කෙසේ වෙතත් මේ පසුබිම තුල මීට හිටපු කොමසාරිස්වරිය නොබියව මේ ගොඩනැලිල්ලේ ඉදිකිරිම අත්හිටුවා තිබුණ අතර නිති විරෝධි ලෙසින් තනා තිබුන වහල ආවරණද ඉවත් කිරිමට කටයුතු කරමින් සිටියාය.
ඒ් මෙම ගොඩනැගිල්ල තනි තට්ටුවක් ලෙසින් පැවැති පසුබිමකය.
කෙසේ වෙතත් ඇයට මාරුවක් ලැබුණි.

දැන් ඇත්තේ මාලිමාවේ නගර සභාවකි. නගරාධිපති නීතිඥවරයෙකි.නීතිය පිටින් කිසිවක් මිගමුව නගරය තුල සිදුනොවනු ඇතැයි මාලිමා නගර පාලනයක් පත් කරගැනිමට ඡන්දය දුන් මාලිමා ක්‍රියාකාරින් විමතියෙන් මෙන් දැන් බලා සිටින්නේ තනි තට්ටුව මාලිමා පාලනය යටතේ වේගයෙන් තුන්වෙනි තට්ටුව කරා යමින් තිබෙන අකාරය ගැනය
පසුගිය සතියේ පැවැති මිගමුව මහනගර සභාවේ කාරක සභා දෙකකදිම මේ අනවසර ඉදිකිරිම් පිළිබද ප්‍රශ්ණය ගැන දැඩි අවධානයක් යොමු කර තිබුණි.
එහෙත් මිගමුව මාලිමාව නගරාධිපතිවරයා සියළු බලතලද අතදරා ගෙන නගරය මැද සිදුවන ඉදිකිරිම් ගැන මුනිවත රකින්නේ නම් සැබැවින්ම ගැටලුවක් බව මාලිමා ක්‍රියාකාරින්ම පවසා සිටිති.
මිගමුව නගරාධිපති නිහඩ නම් පුරවැසියන් මේ අවනිතියට ඒරෙහිව පෙරට ආ යුත්තේ ද යන කරුණ පවා මේ වන විට ඇතැමුුුන් අතර පවතින බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.












