”චමිලා 6 වන මහලින් බිමට පැනලා නෑ.” අධිකරණයේදි හෙළිවෙයි

0
107

DSCN0850චමිලා ඝාතන නඩුවේ තවත් සාක්ෂි විමසිමක් 2013 ජුනි 13 වනදා මීගමුව මහාධිකරණයේදි සිදුවුණා. මෙදින විශේෂයෙන්ම සාක්ෂි සදහා කැදවා තිබුන එවකට මීගමුව රෝහලේ වෛද්‍යඅධිකාරි වරයා ලෙසින් කටයුතු කළ වෛද්‍ය ඇන්ටන් තිසේරා මහතා අධිකරණය හමුවේ කියා තිබුනේ කිසියම් අයෙක් රෝහලේ 6 වන මහලේ සිට බිමට පැන්නේ නම් බිමට පතිත වන්නේ අඩි 4 කින් වත එහා බවය.
එහෙත් චමිලාගේ සිරුර බිමට වැටි තිබුනේ රෝහලේ බිත්තිය අසල වු මල්පැල පවා පොඩිකරගෙනය.එබැවින් මෙය සැක සහිත මරණයක් බව ඉතා පැහැදිලි යැයි ඔහු සාක්ෂි දෙමින් අවධාරණය කර තිබුණි.
සාක්ෂි විමසිම් අවසානයේදි මහාධිකරණ විනිසුරුවරයා මීගමුව  රෝහලට පැමිණ චමිලා බිමට වැටුන ස්ථානය සහ රෝහලේ 6 වන මහල ඇතුළු මෙම නඩුවට සම්බන්ධ සියළු ස්ථාන පරික්ෂාවට ලක් කර තිබේ.
චමිලා ඝාතන නඩුවේ මීලඟ නඩු විභාගය ජුලි මස 4 වෙනිදාට යෙදි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here