සා.මරියා ආදි සිසුන්ට දි ඇති නගර සභා ඉඩම ගැන මීගමුව මාලිමා නායකයන්ගේ ස්ථාවරය කුමක්ද ?

0
596

 ( දෙවන සංස්කරණය ) ඉඩම් භාවිතය ගැන වගකිමක් දරන නිළයක් සෑම දිස්ත්‍රික්කයටම වේ.නගරයක ප්‍රසස්ත ඉඩම් භාවිතාව ගැන තින්දු ගතයුතුව ඇත්තේ ඒ නගරයේ අනාගතය අවශ්‍යතාවන් පවා විග්‍රහකරගනිමින් ඒ සියල්ලට අනුරුප වන සේය.

එහෙත් මීගමුව තුල ඉඩම් භාවිතාව සිදුව තිබුනේ නගරයක අවශ්‍යතාවය මත සිදුවන්නක ලෙසින් නොව ලංසා පවුලේ මනාපය මත සිදුව තිබුණ තත්වයකට අනුවය.

එමෙන්ම ශා.මරියා විදුහලේ ආදි සිසුන්ට තමන්ගේ උවමනාවන් සදහා ගොඩනැගිල්ලක් හදාගන්නට ඇවැසි වු විට ඔවුන් කර තිබුනේ  දයාන් ලංසා හෝ නිමල්යා ලංසා සොයා  යෑමය. කතෝලික සභාව පවා අසරණභාවයට ලැජ්ජාවට පත්කළ පියතුමෙකු විදුහල්ති ලෙසින්ද  සිටියේය.
ඔහු රාජපක්ෂලාගේ මෙන්ම ලංසා පවුලේද ගජයෙකි.

මේ සියළු සම්බන්ධකම් හරහා කාමච්චෝඩේ ,නගරය සභාව සතු ඉඩමක් සා.මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට දැවැන්ත තට්ටු ගොඩනැගිල්ලක් හදා ගැනිමට අවසර ලබා දි තිබුණි.

මේ ආදි සිසු ලොක්කෝ පවා කල්පනා කරන්නට ඇත්තේ මිගමුව තුල සදාකාලිකව ලංසා පවුලේ බලය පවතිනවා යැයි කියා විය යුතුය.
එහෙත් දැන් සියල්ල වෙනස් වි තිබේ.

දැනගන්නට ඇති පරිදි මෙම ඉඩම ඉංග්‍රීසි ආණ්ඩු කාලය තුල ලැබුන පරිත්‍යාගක් බව සැලය.

එවන් පරිත්‍යාග බදු දිමට හෝ විකිණිමට ජනාධිපතිගේ අවසරය තිබිය යුතු බව මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.

ඉතා පැහැදිලිව නිතියට පිටින් යමින් මෙම පොදු දේපල සා.මරියා විදුහලේ මේ ගොඩනැගිල්ල ඉදිකිරිමට ලබා දි තිබේ.

නීතියට උඩින් කිසිවක් නැතැයි කි ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ පවතින ලංකාව තුල ලංසාගේ හිතුමනාපෙට පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් තුලදි ලබා දි තිබුණ සියළු ඉඩම් යළිත් වරක් මිගමුවේ මහජන දේපල ලෙසින් යළිත් අත්පත් කරගත යුතුව තිබේ.

ජාතික ජන බලවේගයේ මිගමුව නායකයන්ට මේවා කඩිනමින් ඉටුකරලිම සදහා  කොයිතරම් නම් ගටක් ඇතිද යන්න දැන්නම් ඇත්තටම සැක සහිතය.
මිගමුව තුල සිදුව ඇති කප්පරක් වංචා දුෂණ වලට එරෙහිව කටයුතු කිරිමට මිට වඩා ජවසම්පන්න ලෙසින් කඩිනමින් මැදිහත්විම් අවැසිව තිබේ.

ජුඩ් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here