මේ කට්ටුව දුම්රිය ස්ථානයයි. ?.

0
860

 

මේ කට්ටුව දුම්රිය ස්ථානයේ අවට, මේ වන විට දකින්න ලැබෙන දර්ශනයයි.
මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කර තිබෙන ස්ථානයට මායිම්ව දැඩි ලෙස වල් ගස් සහ වැල් වර්ග වැවී ඇති ආකාරය දැකගත හැකිය.

IMG 20250623 WA0039IMG 20250623 WA0041
කට්ටුව දුම්රිය ස්ථානය යනු මීගමුව පුරවරයට ආසන්නයෙන්ම පිහිටි දුම්රිය ස්ථානයක් වන අතර මීගමුව සංචාරක හෝටල් සංකීර්ණය පිහිටි මීගමුවේ සංචාරක හෝටල් කලාපයට පයින් යන දුරින් පිහිටි එම හෝටල් කලාපයට ඉතා ළඟින්ම පිහිටි දුම්රිය ස්ථානයයි. ඒ නිසා මෙම දුම්රිය ස්ථානයට කට්ටුව ප්‍රදේශයේ ගම්වැසියන් සේම විවිධ රටවල් වලින් පැමිණෙන සංචාරකයන්ද නිතරම යනෙන දුම්රිය ස්ථානයක් ලෙසද හැඳින්විය හැක.
විශේෂයෙන් මෙම දුම්රිය ස්ථානයේ වැදගත්කම සහ එහි ඇති අඩුපාඩු පිළිබඳව පසුගිය කාලයේ අප ප්‍රවෘත්ති වෙබ් අඩවිය තුලින් වගකිවයුතු බලධාරීන් මෙන්ම ජනතාවද දැනුවත් කලෙමු.
එහෙත් වගකිවයුතු බලධාරීන් මෙතෙක් කට්ටුව දුම්රිය ස්ථානය සම්බන්ධයෙන් මෙන්ම එහි නවීකරණ කටයුතු කිරීමට හෝ, එය සංවර්ධනය කිරීමේ කටයුත්තකට හෝ මේ වන විටත් මුල පුරා හෝ නැති බවටද වාර්තා විය.
දුම්රිය දෙපාර්තමේන්තුව හෝ, සංචාරක දෙපාර්තමේන්තුව හෝ තවද මීගමු නගර සභාවෙන් හෝ කට්ටුව දුම්රිය ස්ථානය සම්බන්ධයෙන් කිසිදු නවීකරණ හෝ සංවර්ධනමය කාර්යයකට මෙතෙක් මුල පිරීමක් කර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වුණි.
නවීකරණ කටයුත්තකට හෝ සංවර්ධන කටයුත්තකට තබා මෙම දුම්රිය ස්ථානය වටා විශාල ලෙස වැවී ඇති මෙම වල් ගස් ගලවා සුද්ද පවිත්‍ර කිරීමට හෝ වගකිවයුතු බලධාරීන් උත්සුක විය යුතුය.

එසේ නොවුණහොත් තවත් සුළු කාලයකදී කට්ටුව යනු, වල් බිහි වී ඇති, ජනයාට පැමිණීමට නොහැකි දුම්රිය ස්ථානයක් බවට පත්වනු වැළැක්විය නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here