මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක් පිළිබදව අප අවස්ථා ගණනාවකදිම මතුකර සිටියේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් මහනගර සභාවේ නිතිවලට පටහැනි නොවේදැයි කියාය.
මේ ගොඩනැගිල්ල ගැන මීගමු මහනගර සභාවේ පළමු කර්මාන්ත කාරක සභාවේදිද දිර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කර තිබුණ බවද වාර්තා විය.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණකාරි ගොඩනැගිල්ල අදාලව මේ පවතින නිතිවිරෝධි කරුණු සම්බන්ධයෙන් ස්ථානිය පරික්ෂණයක් පැවත්විමට හෝ අදාල පුද්ගලයාව මිගමුව මහනගර සභාවට කැදවා අදාල විමර්ශනයන් සිදුකර තිබුණ බවක්ද දැනට වාර්තා වන්නේ නැත.
මිගමුව නගර සභාවේ නගර සැලසුම් නිලධාරියාගේ අනුමැතිය මෙම ගොඩනැගිල්ලට ලබා දි ඇද්ද?
නගරයේ ඉදිකිරිම් වලට අදාල මුලිකතම කරුණක් වු වීති රේඛා නීතිය අදාල ගොඩනැගිලි හිමිකරු විසින් නිසි ලෙස පිළිපැද අද්ද ?
මෙම තෙමහල් ගොඩනැගිල්ලට රථගාලක් තිබේද ?
මෙවැනි ගැටළුද ඇතුලු තවත් ප්‍රශ්ණ රැසක් පිළිබදව දැනමටත් මිගමුව නගර සභාවේ අදාල කාරක සභාවන් තුලදි පවා සාකච්ජා කර තිබුන බවද දැනගන්නට ඇත.
මෙවැනි පසුබිමක මිගමුව නගරාධිපතිවරයා මේ ගොඩනැගිල්ල පළාත් පාලන නිතියට පටහැනිද යන ප්‍රශ්ණය ගැන නිසි විමර්ශණයක් නොකරන්නේ මන්ද යන්න ගැන ඉතාමත් ගැටළු සහගත බවත් මේ පිළිබදව විවිධ කටකතා පවා පැතිර යමින් ඇති බවත් මාලිමා ක්‍රියාකාරින්ම මිපුර අමතා කියා සිටිති.
මිගමුව නගරාධිපතිවරයා නගරයේ නීති විරෝධි ඉදිකිරිම් ගැන මෙසේ මන්දගාමි ලෙසින් කටයුතු කරන්නේ නම් පුරවැසියන්ට නිතිය හමුවට මේ අවනඩු ගෙනයාමට සිදුවන බවත් ඒ ගැන දැනටමත් පුරවැසින් පිරිසක් මුලික සාකච්ජා පවත්වා ඇති බවත් වඩාත් විශ්වාස කටයුතු ලෙසින් මිපුරට දැනගැනිමටද ලැබි තිබේ.
මෙම ගොඩනැගිල්ල මුල් කොට ගෙන අදාල ව්‍යාපාරිකයා මිට පෙර මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන්ට විදෙස් සංචාරයක්ද ලබා දි තිබුන බවද ප්‍රකට කරුණකි.












