සුදුසුකම් ඇති අය සම්බන්ධ වෙන්න…

0
298

*සුදුසුකම් ඇති අය සම්බන්ධ වෙන්න…*

“සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලය” වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය තුළ එකවර 100 දෙනෙකුට පුහුණුව ලැබීමේ හැකියාව තිබෙනව, නොමිලේ නේවාසික පහසුකමුත් තියෙනවා, ” *පශු සම්පත් තාක්ෂණ ශිල්පී”* කියල මාස 6 ක පාඨමාලාවක් (NVQ Level 4), තියෙනව. කිසිම අය කිරීමක් නැතුව නොමිලේ පවත්වන පාඨමාලාවක්, මේ පාඨමාලාව සම්පූර්ණ කරපු ළමයි දැනටමත් CIC, LG, Delmo, වැනි farm වල හොඳ වැටුපකට රැකියාව කරනව, එවැනි ආයතනවලින් මෙම පාඨමාලාව කරපු අයට හොඳ ඉල්ලුමක් තියෙනව, කලින් නම් මෙම පාඨමාලාව සඳහා සාමාන්‍ය පෙළ සමත් අය විතරයි
ගත්තෙ, දැන් සාමාන්‍ය පෙළ පෙනී සිටපු ඕනම කෙනෙකුට මෙම පාඨමාලාව කරන්න අවස්ථාව දීලා තියෙනව,

මේ වතාවේ කෝස් එක කරන්න 20ක්‌ වත් ලියාපදිංචි වෙලා නෑ, අපරාදේ, මේ ආයතනය ලොකු සම්පතක්, අනික අපේ ප්‍රදේශයේ රැකියා විරහිත ළමයින්ට මේක ලොකු අවස්ථාවක්, අපේ ගම්වල ඇති මේකට යොමු කරන්න පුළුවන් ළමයි ගොඩක්, පිරිමි ළමයින්ට තමයි හරියන්නෙ, ක්ෂේත්‍ර මට්ටමේ වැඩ කරන සියලුම අපේ නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනව, අපි හැමෝටම හැකි අයුරින් මේකට ළමයින් සම්බන්ධ කරමු,

පිට පළාත්වල දන්න හිතවත් අයගේ ළමයින් ඉන්නවනම් ඒ අයත් සම්බන්ධ කරමු, ආයතනය රැක ගැනීමට හරි ඒක වැදගත් වෙයි,

වැඩි විස්තර දැනගැනීමට දුරකථන අංකය,

0777441277 -සුගත් මුණසිංහ, නිපුණතා සංවර්ධන නිලධාරී.

077- 6039192 – රුවන් ( සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලය )

_*ආරංචි රාළගේ තවත් සමාජ මෙහෙවරකි*_

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here