නගරාධිපති ඇතුළු මන්ත්‍රිලා වැඩ අල්ලයි! ලංසලාට වැඩ වරදියි?

0
1140

 

නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර, කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත් පෙරේරා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් කිපදෙනකු අද මිගමුව නගරයේ විශේෂ විමර්ශන චාරිකාවක නියැලි සිටියහ.

IMG 20250625 WA00572
ලංසාල හදපු කාමච්චෝඩේ මාර්කට් යාචක රජදහනක්

IMG 20250625 WA00712IMG 20250625 WA01701IMG 20250625 WA00711

ඒ පසුගිය ලංසා පවුල් පාලනය විසින් මිගමුවේ මහජන මුදල් කාබාසිනියා කරමින් සිදුකර තිබුන අසාර්ථක ව්‍යාපෘති වැඩසටහන් ,සහ නගරයේ අනවසර ඉදිකිරිම් මෙන්ම කාමච්චෝඩේ පොළේ වෙළඳ මහතුන් මුහුණ දි ඇති ගැටලු ආදි මිගමුවේ ප්‍රධාන ප්‍රශ්ණ ගණනාවක් ඇති තතු දැනගැනිම වෙනුවෙන් අද දවස පුරාම මිගමුවේ විමර්ශන චාරිකාවකට එක්ව සිටියහ.

IMG 20250625 WA0193
රු කෝටිගණන් වැය කරමින් හැදු බස් නැවතුම් පොලේ උඩු මහලේ තත්වය

IMG 20250625 WA0190IMG 20250625 WA01891

කාම්ච්චෝඩේ පොළේ වෙළඳුන් , නිමල් ලදුපතේ ලංසාගේ ආසාර්ථක කාමච්චොඩේ පොදු වෙළඳ සංකීර්ණය අද පත්ව ඇති විනාශකා⁣රි තත්වය මෙන්ම රු කෝටි ගණනක් වැය කරමින් ඉදිකරන ලද මිගමුව බස් නැවතුමේ තත්වය මෙන්ම නගරය පුරා කර ඇති අනවසර ඉදිකිරිම්ද මෙම විමර්ශන චරිකාවේදි අවධානයට යොමුව තිබුණි.

IMG 20250625 WA01691
නීතියට වෙට්ටු දමා නගර මැද හදන තෙමහල් ගොඩනැගිල්ල
IMG 20250625 WA01641
ප්ලැන් එකට පිටින් වැඩේ යයි . නගර සැලසුම් නිලධාරිණියත් වංගුවක් ගලහද ?

IMG 20250625 WA02101

මෙම විමර්ශන පදනම් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර දුෂිත දේශපාලකයන්ට මෙන්ම දුෂිත නිලධාරීන්ට එරෙහිවද වහා ක්‍රියා මාර්ග ගැනිමට නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කටයුතු කරනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here