ලංසා පවුලේ නීතියද? පළාත් පාලන නීතියද ? මිගමු මාලිමාවට අභියෝගයක් ?

0
709

දැන් මේ දවස් වල අපි මතුකරන සා.මරියා විදුහල පාසැල දැනට පරිහරණය කරන ඉඩම ගැන ඇති තතු නොදැන බුකි⁣යේ හිත හිතෙන දේ කොටන අයට අපි කියන්නේ ටිකක් මහන්සි වෙලා මේකෙ ඇත්ත නැත්ත හොයල බලන්න කියල.

ඔතන කොටපු අයගෙන සජබ හර්ෂට වුනත් අපිට කියන්න තියෙන්නේ ඔයා සජබ වුනාට ඉස්කෝලේ ඉඩමේ ප්‍රශ්ණෙදි  හදවතින්ම ඉන්නෙත් ලංසලගේ  කුණු ගද ගහන  පවුල්වාදි ප්‍රතිපත්තියත් එක්ක නේද ?

IMG 20250625 WA0161IMG 20250625 WA0162

ආනන්ද මුණසිංහ නගරාධිපති වෙලා ඉන්න කාලේ නිමල් ලංසා ඉල්ලිමක් කරල තිබුන සා.මරියා විදුහලට නගර සභාවට අයත් කාමච්චෝඩේ පිට්ටනිය කාලෙකට ලබාදෙන්න කියල.

ඒ 2001 දි .

ඒ අනුව තමයි මුලින්ම අවුරුදු 22 කකට බද්දකට දෙන්නේ .බදු කිව්වට මේකට මුදලක් අයකරල නැ.
මේ ඉඩම මිගමුව මහනගර සභාවට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකුන් ලැබුන ප්‍රධානයක්.ඒක අක්කර 1යි රූඩ් 2යි පර්චස් 30ක ඉඩමක්.
එහෙම ප්‍රධානයක් කාට හරි බදුදෙනව නම් විෂය භාර ඇමතිවරය වගේම ජනාධිපතිගෙන් අනුමැතිය අනිවාර්යය යයි කියල තමයි පළාත් පාලන නීතියේ තියෙන්නේ .
නමුත් මිගමුවේ ක්‍රියාත්මක වුනේ පළාත් පාලන නීතිය නෙමෙයිනේ.
ලංසා පවුලේ නීතියනේ.

කොහොම හරි මුලින් අවුරුදු 22 කට දුන්න මේ ඉඩම ආයේ තවත් අවුරුදු 10 කට දෙන්න කියල 2020.11.5 දායන් ලංසා නගර සභාවට යෝජනාවක් ගේනවා.ඒක ගැන අදහස් දක්වපු ඇන්ටනි ජයවිර කියල තිබුනේ අදාල බදු ගිවිසුමයි බදු කොන්දේසිත් එක්කම මේ යෝජනාව ගෙනාව නම් සභාවට සාකච්ජා කරන්න ලේසියි කියල.
අනික ජයවිර මෙහෙමත් කියල තිබුනා.මේ විදියට ඉස්කෝල නගර සබා ඉඩම් ඉල්ලුවොත් මොකද වෙන්නේ.දැන් කුරණ ඉස්කොලේ මේජර් රාජ් එක ඉල්ලුවොත් ..ඒ ව⁣ගේම අනිත් ඉස්කෝලත් ඉල්ලුවොත් කියල.

මේ වගේ ප්‍රශ්ණ කිරිම් තිබුනත් අන්තිමට සභාවේ වාර්තාව ලියවුනේ ඒකමතිකව කියල.

ඔන්න පවුලේ නීතිය පළාත් පාලන නීතියටත් උඩින් ගිය හැටි.කඩොල් කැලේ සජබ හර්ෂ මොකද ඔයා මේ පවුල් නිතිය ගැන කියන්නේ.
හොදයිද?නරකයිද?

මේක තමයි ඇත්ත.අනික ඔය ඉඩමේ තිබුන මාතෘ සායනය ඉතාමත් පැරණි එකක්.සා.මරියා ආදි සිසුවෝ කියල තිබුනේ ඒකත් අලුතින් හදල දෙනව කියල.මේ මාතෘ නිවාසයට දැන් මොකද වෙලා තියෙන්නේ?
කිසිදු බදු කොන්දේසියක් හෝ මුදලක් හෝ නොගෙවල තියෙන නගර සභා ඉඩමක තට්ටු ගොඩනැගිලි හදල තියෙන්නේ කොහොමද?කොහොම නීති නැමිලක්ද?මරු

ජනාධිති අනුර කුමාර කිව්වේ නීතියට උඩින් කිසිවක් නැ.කියල.
දැන් ලංසා පවුල් හවුල් නිති ඉවරයි කඩොල් කැ⁣ලේ හර්ෂ මල්ලි .
දැන් ඉතින් තියෙන්නේ නීතියට වැඩකරන කාලේ.

ඊයේ නගරාධිපති ඇතුළු නාග⁣රික මන්ත්‍රීවරුන් මේ ඉඩමත් ගොඩනැගිල්ලත් බලන්න ගියා.

දැන් තියන්නේ රටේ නීතිය මිසක් ලංසලගේ පවුලේ නීතිය නෙමේ.
සිස්ටම් චේන්ජ් කරමු.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here