ඊෂාක්ට කෝටියක් …..

0
233

පහුගිය කාලේ දේශපාලකයෝ ජනාධිපති අරමුදල අවභාවිතා කරලා තියෙන ව්දිහ ගැන මේ ආණ්ඩුව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනකොට මම නම් ඒකට මාර සතුටු උනා. මොකද කාලයක් තිස්සේ මාත් හිතමින් හිටිය ප්‍රශ්නයකට උත්තර ලැබුණා ඒ හරහා. අපි ජනමාධ්‍ය කරන කාලෙත් අපිත් ඕක ගැන හොයන්න උත්සාහ කරලා තිබුණා. හැබැයි මේ ආණ්ඩුව ඇවිත් ඒක ගැන විමර්ශනයන් පටන් ගත්තාම මරු කියලා හිතුනා. ඊටපස්සේ ඕකෙන් උදව් උපකාර අවශ්‍ය අයට ඒ සේවාව ඉක්මනින් ලබාගන්න ප්‍රාලේ හරහා වැඩපිළිවෙළක් හදනවා කීවාමත් මටනම් මාර සතුටක් දැනුනා. මොකද මිනිස්සු ලෙඩ වෙලා බෙහෙත් ගන්න සැත්කම් කරගන්න දඟලන විදිහ දැක්කහම ඒක සිතට සුවයක්. ඒ දඟලන දැගලිල්ල කොච්චර ද කියනවා නම් දැන් බස් වලට නැඟලා පොඩි එකෙක්ගේ පින්තුරයක් වෛද්‍ය වාර්තා ටිකක් පෙන්වලා ජීවිකාව විදිහට සල්ලි එකතු කරන ජීවීන් පවා බිහිවෙලා ඉන්නවා.

එහෙම තත්ත්වයක් අස්සේ මේ ආණ්ඩුව කරපු වැඩේ මරු. දැන් මගේ ප්‍රශ්නය රුපියල් කෝටියක් අවශ්‍ය රෝගාතුරව සිටින ඉෂාක් බෙග්ට රුපියල් මිලියනයක් මේ ආණ්ඩුව දුන්නේ මොන පදනමක ඉදලද කියන එක. තාත්තගේ සිංදු කියමින් ඉන්න ඉෂාක්‍ ගේ රුපියල් කෝටියේ සැත්කමට රුපියල් මිලියනයක් දුන්නා කියලා කියන්නේ ආණ්ඩුව ඒ අවශ්‍ය ප්‍රමානයෙන් 10%ක් දීලා තිබෙනවා. එතකොට රුපියල් කෝටියක් අවශ්‍ය ඕනෑම තරාතිරමක රෝගියෙකුට දැන් රුපියල් මිලියනයක් ජනාධිපති අරමුදලෙන් ලබාගන්න පුළුවන් ද? මගේ ප්‍රශ්නය අන්න ඒකයි.

ඒක එහෙම නැතිව ඉෂාක්ට මේ මිලියනය දුන්නේ ඔහු ගායකයෙක් එහෙමත් නැත්තං පොදුවේ කලාකරුවෙක් කියන පදනමින් ද? ඔහු කලාකරුවෙක් නිසා නම් ඔහුට මෙහෙම 10%ක් හම්බවෙලා තිබෙන්නේ මගේ ඊළඟ ප්‍රශ්නය තාත්තගේ සිංදු කියපු ඉෂාක් ට කෝටියෙන් දහයෙන් එකක් දෙනවා නම් ඒ ගණිතයට අනුව මහා නිළි රැජින මාලනියට අපි ජනාධිපති අරමුදලෙන් රුපියල් කීයක් දිය යුතුද?

කමක්නෑ කොහොම වුණත් ඉෂාක් ට උදව්වක් කරන්න පිහිටක් වෙන්න කාටහරි උවමනාවක් තිබෙනවා නම් ඔහු ට හෝ ඇයට පුළුවන් මේ ගිණුම හරහා ඒ සත්කාර්‍යට දායක වෙන්න.

Mohideen Ishaq Baig.
1320004133
Commercial Bank
Maradana Branch

(කේ.සංජිවගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here