මාලිමාවේ විසිල් විතරද ? බල්ටි නැද්ද? අනවසර ඉඳිකිරිම් ජයටම?

0
532

 

මිගමුව නගර මධ්‍යයේ ඉදිවෙමින් ඇති තෙමහල් ගොඩනැගිල්ලට අදාව ⁣වංගු ගසා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබා තිබුනද , මහනගර සභා නිතියට අනුව ගැටළු කිපයක්ම ඇති බව නගරාධිපති කාර්මාන්ත කාරක සභාවේ සභාපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්දි අදාල නිලධාරින්ද ⁣මෙම ස්ථානය නිරික්ෂණය කොට ගැටලු කිපයක්ම මතුකර තිබුන බව වාර්තා විය.

අදාල ගොඩනැගිල්ලට ආදලව රථගාල සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් ඇති බව කර්මාන්ත කාරකසභාවේ සභාපතිවරයා මෙම නිරික්ෂණ චාරිකාවේදි පෙන්වා දි තිබුණි.

තතු එසේවුවද මිගමුව නගරාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට අපොහසත්ව සිටි.

මේ පසුබිම යටතේ ඉදිකිරිම් දිගටම කෙරිගෙන යයි.

මාලිමාවට ඡන්දය දුන් නගර වැසියන් ප්‍රශ්ණ කර සිටින්නේ නගරාධිපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් සමඟින් අදාල ව්‍යාපාරිකයා මේ වන විට ඩිල් දමා ඇතිද යන සැකයක් පවා මතුව ඇති බවය.

මිගමුවෙ මාලිමාවේ විසිල් විතරයි බල්ටි ඇත්තේම නැතැයි දැන් කියන්නට පටන් ගෙන ඇත්තේද මාලිමා අධාරකරුවන්විමම වි⁣ශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here