අයියෝ රෝමියෝ ? පත්කරපු සභාපතිව එලවන්න දඟලන නළුවෝ?

0
563

 

රෝමියෝ කියන්නේ ඉද්දමල්ගොඩ ස්වාමිගේ සෙ⁣වනේ හැදි හැඩුන ක්‍රිස්තු නිවසේ නාට්‍ය කණ්ඩායමේ හිටපු නාට්‍යකරුවෙක්.

දැන් මාලිමාවේ නාගරික මන්ත්‍රීවරයෙක්.

හැබැයි කඩොල්කැලේ සිවිල් ආරක්ෂක කමිටුවට අදාලව දැන් සිද්ධවෙමින් තියෙන ප්‍රජාතන්ත්‍රවාදි නොවන දේවල් ගැන ක්‍රිස්තු නිවසේ හැදි වැඩුන රෝමියෝටත් වගේ වගක් නෑ වගේ.

දේශපාලණිකරණය වු පසුගිය රාජ්‍ය පාලනයන් පතුරු ගහපු මාලිමාවේ රෝමියෝල ලැජ්ජාවක් නැතුවම සිවිල් ආරක්ෂක කමිටු රැස්විමේ මුලසුනට ගියේ කොහොමද.?

ප්‍රජාතන්ත්‍රවාදි විදියට සිවිල් ආරක්ෂක කමිටුවට පත්වෙච්ච ර⁣මේස් කියන පුද්ගලයාව දැන් එතනින් අයින් කරන්න රෝමියෝලාත් පොලිසියේ මහත්තුරු ත් දඟලනවලු.

විජේනායක මහත්තයෝ  ඉහලින් එන ඔ්ඩර්ස්වලටද මේව කරන්නේ?

මරු ! තකට තක ?
මොනවද මේ වැඩ හලෝ.
ලැජ්ජයි.!!!

ඇමැති සුගත් ලග වැටිල ඉන්න කෙනෙකුත් මිගමුවේ සිවිල් ආරක්ෂක කමිටු තනිකරම මාලිමාවෙන් පුරවන්න දගලනවලු.

මේ යන විදියට මේ උන්දැල මිගමුවේ මරණාධාර සමිති වල නිලධාරි මණ්ඩලයත් මාලිමාවෙන්ම පුරවන්න බැරි නැ.

සිවිල් ආරක්ෂක කමිටුවේ ලේකම් නිලබලයෙන්ම ප්‍රදේශයේ ග්‍රාම සේවක.

දැන් අපිටත් එයාගෙන් අහන්න තියෙන්න රාජ්‍ය නිලධාරියෙක් හැටියට ඇයි ඔයත් දැන් නීතිය නමල කලින් ප්‍රජාතන්ත්‍රවාදි විදියට පත්වුන  සභාපතිව අයින් කරන්න හදන්නේ කියල.

මචං රෝමියෝ උඹට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද මයේ අම්මා.

මීට
උඹත් එක්ක පාරේ නටපු එකෙක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here