මිගමුව මහනගර සභාවේ පසුගිය මහසභා රැස්විමේදි අනවසර ඉදිකිරිම් ගැන මතුවු අවස්ථාවේදි ස්වාධීන මන්ත්‍රී එම්.සකාවුල්ලා විශේෂයෙන්ම ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල ඉදිකෙරෙමින් පවතින තෙමහල් ගොඩනැගිල්ල ගැන ප්‍රශ්ණ කරමින් කියා තිබුනේ එක්කෝ මේ ප්‍රශ්ණය සාකච්ජා කිරිම නවතා දැමිය යුතු බවය.එසේත් නැතිනම් ගැටලු සහගත යැයි කියන මේ ගොඩනැගිල්ගේ ඉඳිකිරිම් තාවකාලිකව හෝ නවතා දමා පළාත් පාලන නීතියට පටහැනිව යමින් ආදාල ව්‍යාපාරිකයා ඉදිකිරිම් සිදුකරමින් ඇති නම් ඒ ගැන පැහැදිලි විමර්ශනයක් සිදුකළ යුතු බවය.
මේ අනුව නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද අදාල නිලධාරීන් හට දැනුම් දි තිබුනේ ඉදිකිරිම නවතා දමන ලෙස අදාල ව්‍යාපාරිකයාට දැනුම් දෙන ලෙසය.
එ අනුව නවතා දමා තිබුන මෙම ගොඩනැගිල්ලේ ඉඳිකිරිම් පසුගිය සිකුරාදා නැවත අරභා තිබුනි.
ඉන් අදහස් වන්නේ මෙම ඉදිකිරීමට අදාල කිසිදු නීතිමය ගැටලුවක් නැති බවද යන ප්‍රශ්ණය මේ වන විට බරපතල ලෙසින් මතුව තිබේ.
මාලිමාවට ඡන්දය දුන් ආධාරකරුවන්ද මේ සම්බන්ධයෙන් විමතිය පළකර සිටිති.
මිගමුවේ හිටපු අන්ත දුෂිතම නාගරික කොමසාරිස්වරයා වු ලක්ෂ්මන් නැමැත්තගේ හිතේෂිවන්තයෙකු වු මේ ව්‍යාපාරිකයා සිය දේශපාලන සම්බන්ධකම්ද යොදාගෙන නගාරික සංවර්ධන අධිකාරියට ප්ලැන් පාස් කරගෙන තිබුනද දැන් මේ ඉදිකිරිම සිදුකරමින් ඇත්තේ ඒ සැලැස්මට අනුවමද යන ප්‍රශ්ණයද මතුව තිබේ.
මේ ඉදිකිරිමට අදාලව මිට සති කිපයකට ඉහතදි පැවැති නාගරික මන්ත්‍රීවරුන්ගේ නිරික්ෂණ චාරිකාවදි කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත් පෙරේරා විසින් මතුකර තිබුන ප්‍රධාන ප්‍රශ්ණයක් වුයේ මේ තෙමහල් ගොඩනැගිල්ලට ස්ථිර රථගාලයක් තිබේද යන ප්‍රශ්ණයයි.
මේ සියලු ගැටළු සහගත තැන් එසේම තිබියදි කර්මාන්ත කාරක සභාව පැවත්වෙමින් තිබියදිම අදාල ව්‍යාපාරිකයා සිය ඉදිකිරිම් කටයුතු අද දිනයේ අරභා තිබේ
මේ සම්බන්ධයෙන් තතු දැනගැනිම සදහා මිගමුව නගරාධිපතිව දුරකතනයට සම්බන්ධ කරගැනිමට කිපවරක් උත්සාහ කළද එය අසාර්ථක විය.
මිගමුවේ බරපතලම ප්‍රශ්ණය ලෙසින් මතුව ඇති අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර නොගෙන මිගමු නගරාධිපති සහෝදරයා මිගමු නගරයේ කානු සුද්ද කිරිමේ කටයුතු අධික්ෂණය කරමින් සිටි.
කානු සුද්ද කරන්නේ නගර සභාවෙන් වැටුප් ලබන සේවකයන් විසින් වුවද නගරයේ බොහෝ තැන්වලදි නගාරාධිති සහෝදරයා මෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිපදෙනෙකුද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
දේශපාලන අධිකාරිය සැබැවින්ම කළයුතුව ඇත්තේ කානු සුද්ද කිරිම් වැනි සරල කටයුතු වලට අතදැමිම වෙනුවට පරිපාලන අධිකාරිය වෙත නිසි නියෝග නිකුත් කරමින් නගරයේ දැනට මතුව ඇති අනවසර ඉදිකිරිම් ඇතුළු මේ දක්වා නගර සභාව තුල සිදුව ඇති බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනිම සදහා යොමුවිමය.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවිය හැකිව ඇත්තේ කුමක්ද?
අද මිගමුව තුල සිදුවන්නේද එවැනි තත්වයකි.













