සිදුව, රාජපක්ෂපුරේත් වෙඩි තැබීමක්.  .

0
480

….

සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමඟේ ඊයේ  (21/07) රාත්‍රි 8.15ට පමණ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස වෙඩි තැබීමකට ඉලක්කය වී ඇත්තේ, සීදුව කටුනායක නගර සභාවේ ආණ්ඩු පක්ෂය  නියෝජනය කරන නාගරික ( එන්.පී.පී) මන්ත්‍රීවරියකගේ පියා වන බවට වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වන අතර, සිද්ධියෙන් පසු ඔවුන් පලාගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

මෙලෙස වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා, යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගත් පුද්ගලයෙකු වන අතර, මේ වන විට ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩි තැබීමේ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය එක්ව විමර්ශන ආරම්භ කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here