වරිපනම් බදුත් ගෙවලා ශ්‍රම දානවලටත් යන්න ඕනද ?

0
463

කාණු සුද්ද කිරිම සහ පාරවල් සුද්ද කිරිම ප්‍රධානම නගර සභා වැඩේ ලෙසින් හදුනා ගෙන ඇති මිගමුවේ මාළිමා පාලනය මේ දිනවල ඒ වෙනුවෙන වෙහෙසෙන අයුරු ෆේස්බුක් පිටුවලින් දැකගත හැකිව තිබේ.
එපමණක් නොව මේ ඇතැම්  ශ්‍රමදාන වලට සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන්ටද ඇරයුම් කරමින් සිටින බව පෙරියමුල්ලේ ජනයා මිපුර අමතා කියා සිටියහ.

තවත් තැන් වලින්ද මේ හා සමාන අදහස් ඉදිරිපත් වන්න පටන් ගෙන තිබේ.
තවදුරටත් ඔවුන් කියා සිටින්නේ ජනයා වරිපනම් බදු ගෙවන්නේ නම් ඉන් පඩි ලබන ව්‍යාපෘති කම්කරුවන්ද ඇති තරම් සිටි නම් සිවිල් ආරක්ෂක කමිටුවල සමාජිකයන්ද පාරවල් සුද්ද කරන්නට යා යුත්තේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටිති.

පාරවල් සහ කානු පිරිසිදු කිරිම නගරසභා කම්කරුවන්ගේ වැඩක් බවත් , ඒවා අධික්ෂණය කිරිම සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිලධාරින්ගේ රාජකාරියත් බවත් මාලිමා පාලනයට මතක් කර දිය යුතුව ඇතැයි ඔවුන් වැඩිදුරටත් කියා සිටිති.

පලාත් පාලනය තුල මේ ඇති මේ වැඩ බෙදිමේ ව්‍යුහයන් ගැන අවබෝධයක් නැති ඕන එකටයි එපා එකටයි කොමෙන්ට්ස් දාන  මල්ලිකා නැමැත්තෙකු /නැමැත්තියක්  සිටින බව  කලක පටන් අප නිරික්ෂණ කරමින් සිටින්නෙ.

පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් මිගමුව තුල පවුල් පාලනය විසින් ජඩකම් කරද්දි මේ මල්ලිකලා සිටියේ කොහේදැයි ප්‍රශ්ණ සැබැවින්ම ප්‍රශ්ණ කළ යුතුව තිබේ.එපමණක් නොව ඇතැම් නගර සභා මන්ත්‍රිවරුන්ද සිය නොදන්නා කම් එලියට ඇදගන්නා ආකාරයද  මේ දිනවල දිස්වන්නට පටන්ගෙනය.

මයිනර් කෑලි  වලින් ප්ලේන් හදන්නට බැරි බව මිගමුව  දිනවු මාලිමාවේ ආධාරකරුවන්ටද මේ වන විට පසක් වන්නට පටන් ගෙන තිබේ. සැබැවින්ම මෙය කණගාටුදායක තත්වයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here