NPP එකට වින කටින මල්ලිකාලා ?

0
764

 

NPP වැරදි පාරේ යන්න හදන කොට ඒකට විරුද්ධ අදහස් යෝජනා චෝදනා ගේන්නේ නැති එහෙම චෝදනා එනකොට ඒවට විරුද්ධව හෑලි ලියන අයට උවිදුලා කියන්නේ වහල්ලු කියල.

ඒක ටිකක් හරි මදි වගේ හින්ද අපි එහෙම අයට මිගමුවෙදි වෙන නමක් දැම්ම මල්ලිකාලා කියල.

හැබැයි අහන්න එපා ඇයි කියල?

මේ වගේ මල්ලිකාලා ඕන එකටයි එපා එකටයි බුකියේ හෑලි ලියල ආතල් ගන්නව.තනියෙන් ආතල් ගන්න එකට නම් අපට මුකුත් කියන්න බැ.නමුත් දේශපාලනය ජොක් කරන කොට තමයි අවුල.( පිටිපන මංගල ඩයස් කියන කෙනා අරගලයට  හරකෙක් හදන්න උදව් කරල තිබුන අපේ අයට .ඊට එහා මිගමුවේ ජන අරගලය වෙනුවෙන් ඉතිහාසය තුල කරපු දෙයක් ගැන නම් අපි අහල නැ. පොල් ලෙල්ලක් දැම්මත් දිනන නිසා මංගලලාත් දැන් මන්ත්‍රිලා )

ලංසා පවුල් පාලනය නන්නත්තාර කරල පලාත් පාලන ඡන්දෙට මිගමුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනන ගානට වැඩේ හැදුවේ බුකියේ  හෑලි ලියන අය නෙමෙයි .මහ පො⁣ලවේ ඇත්තට මහන්සි වෙලා වැඩ කරපු අය.(

හැබැයි වෙනස් දේශපාලන සංස්කෘතියක් මිගමුව තුල මාලිමාව හදයි කියල   බහුතරයක් කල්පනා කලේ.

නමුත් දැන් පේනවා බනිස් බෙදලත් ෆොටෝ දාන ගානට පුනරුදය පල්ලම් බැහැල.මල්ලිකාලත් මේවට දෙන්නේ මරු ආතල්.

අපි කැමැතියි මේ මල්ලිකාලගෙන් අහන්න ඔයා මේ හෑලි දාල තනියෙන් ආතල් ගන්නවට අමතරව  මිගමුව වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියල.

අර ලංසා වගේ හුලං අත බලල රැවල් දාන මේ මල්ලිකාල මාලිමාවට ආතල් දුන්නට අපිට කමක් නැ.අපි එදා ඉදන් හොද දේ හොදයි කියන වැරදි දේට කොන්දේසි විරහිතව විවේචන ගේන පිරිසක් .එක අපේ ප්‍රතිපත්තිය.

මල්ලිකාලට තනියෙන් වින්දනේ ගන්න තියෙන අයිතියට අපි බාධාකරන්නේ නැ නමුත් අපි ලියන දේවල් ගැන සිරියස් සංවාදයකට එන්න ඒව ගැන ලියන්න.අපි ඒවටත් ඉඩ දෙනව.හැබැයි මල්ලිකාලගේ තති ආතල් වලට නම් කියන්න තියෙන්නේ ඒව තනියමම කරගන්න කියල තමයි.

වැදගත් දේවල් මිගමුව වෙනුවෙන් වැදගත් විදියට සංවාද කරමු.එහෙම කරන්න පුලුවන් හැදියාවක් තියෙන පරිචයක් තියෙන අයට අපේ පුරවැසි පිටුව වෙන්කරල තියෙනව.

ඉද්දමල්ගොඩ ස්වාමි කියන්නේ මිගමුව වෙනුවෙන් විමුක්තියෙ දහම වෙනුවෙන් ජිවිතය දුන්න පියතුමෙක්.

පුනරුදය ගැන ලොකු බලාපොරොත්තුවකින් වැඩකරපු ඇත්ත පූජකවරයෙක්.

එයා ලියල තියෙන මේ සටහන මල්ලිකාල වගේ මාලිමාව වෙනුවෙන් තනියෙන් ආතල් ගන්න අයටත් ඉගෙන ගන්නව නම් විතරක් කියවල බලන්න .ගන්න යමක් තියෙයි.

පීඩකයා සහ පීඩිතයා යන දෙදෙනාම ඉපිද ඇත්තේ එකම යන්ත්‍රණයෙන්. පීඩිතයා පීඩාවෙන් මිදීමට කොතරම් කැමොර ගැසුවත් එම යාන්ත්‍රනය ඇතුලේ සිටිමින් යම් සහනයක් සොයනවා හැරෙන්න තමන්ව හා මුළු සමාජයම පීඩනයට ලක්කරන එම යාන්ත්‍රණය ගලවා දමන්ට පෙලෙඹන්නේ නැහැ.

ඒ යාන්ත්‍රනය ගලවා දැමීමට “නව උපතක්” ලැබූ අය අවශ්‍යයි. එය අද සිදුවන්නට නම් “පුනරුදය” නිවැරදිව තේරුම් ගෙන එය දැවැන්ත වැඩ පිළිවෙලක් කර ගත යුතුයි. එවැන්නකට ප්‍රමුඛතාවයක් දිය යුතුයි.

මා අසා තිබෙන ආකාරයට වෙනසක් ඇති කර ගත් සෑම සමාජයකම එවැනි පුනරුදයක් සිදුවුනා. මෙහෙ එය ආරම්භ වුනා. ආ විගසම නොපෙනී ගියා.
සංවාදයට එක්වන්න.

Screenshot 20250723 224612මල්ලිකාලට කියවල තේරුම් ගන්න තරම් ඕනකමක් තියෙනව නම් සරත් ස්වාමිගේ සටහන ඇත්තටම ප්‍රයෝජනවත්.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here