නගර සභාවේ සැපයුම් අංශයේ බරපතල වංචාවක් ? කොමසාරිස්වරියටත් චෝදනාවක් ?

0
822

 

මිගමුව මහනගර සභාවේ සැපයුම් අංශය විසින් මිළදි ගෙන ඇතැයි කියන උදළු තල ඇතුලු තවත් භාණ්ඩ රැසක් වැඩි මිළට ගෙන තිබිම පිලිබදව ගැටලුවක් මේ වන විට මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරියටද දැනුම් දි තිබුන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය මෙම සිදුවිමට අදාලව සැපයුම් අංශයේ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනවා වෙනුවට මේ ගැන කරුණු සොයා බලා වංචාව අල්ලාගැනිමට කටයුත කළ සේවකයාට ස්ථාන මාරුවක් ලබාදිමට කටයුතු කරමින් සිටින බව සැලය.

මේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයාද දැනුවත් කිරිමට අදාල සේවකයා කටයුතු කර තිබුන බවද වාර්තාවේ.

කෙසේ වෙතත් කොමසාරිස්වරියගේ මේ ප්‍රශ්ණකාරි ක්‍රියාව දැනටමත් දොෂාරෝපනයට ලක්ව ඇති අතර
මතුව ඇති මේ ගැටළුකාරි තත්වයට මැදිහත්වීම සඳහා ඇමති මහින්ද ජයසිංහ මෙන්ම ඇමති සුගත්ද මිගමුව මහ නගර සභාවට පැමිණ තිබුණ බවද සැලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here