පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද සැලකිය යුතු ලෙසින් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
ඊයේ දිනයටත් වඩා අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න සාලයා සහ ලින්නා මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ නිසාම මිළද ඊයේ දිනයටත් වඩා පහල ගොස් තිබේ.
ඊයේ රු 400ක් වු සාලයා කිලෝවක් අද රු 350 කි.
ලින්නා කිලෝවක අද මිල වන්නේ රු 650 ( කුඩා)කි.ලොකු ලින්නා රු 800කි.
කෙලවල්ලා රු 11000කටද,බලයා රු 800කටද ,
හුරුල්ලා කිලෝවක් රු 500ත් රු 700ත් අතර මිළක පවති.
සුරාපරව් (පොඩි) රු 400.ලේන් පරව් රු 850යි අලගුඩුවෝ රු 700යි.












