අස්ථානගත කැමරා ආම්පන්න ගැන හොයන්න නගරාධිපතිට අමතක වෙයි?

0
490

2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින් මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ.

මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා ස්ථාපිත කර නොමැතිව එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් එදා පෙන්වා දි  තිබුණි.

කෙසේ වෙතත් දැනට අස්ථානගතව ඇති මේ කැමරා පරිඝණක වලට මොකද වුනේ යැයි සොයා බැලිම මාලිමාව පාලනය විසින් මේ වන විටත් පමා කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට පෙර හොරු ඇල්ලිම, බිච් පාක් එක, වාංචා දුෂණ ගැන කළ කන් පැලෙන තරම් වු ලොකු කතා අද වන විට කාණු සුද්ද කිරිම් දක්වා පල්ලම් බැස ඇති සෙයකි.

නගර සභාවක් සතුව පවතින බඩුබාහිරාදිය කිසිවක් නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරයකුට හෝ තම පුද්ගලික අභිමතය පරිදි භාවිතා කිරීමට මහ නගර සභාවෙන් පිටතට රැගෙන යෑම නීති විරෝධී බව එදා හිටපු නාගරික මන්ත්‍රිවරු අවධාරණය කර සිටියද මෙය⁣ට සිදුවුයේ කුමක්දැයි දැනගැනිමට වත්මන් නගරාධිපතිවරයාටද තවමත් නිනව් නැතිවා සේය.

 

( ඡායා – අන්තර්ජාලයෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here