2025.08.29 දින පෙරවරු 8.35 පමණ, කොච්චිකඩේ පොලිස් ස්ථානය මගින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලංසා මහතා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න යන අයවලුන් මීගමුව ම.උ නඩු අංක බී 1024/ 2006 දරණ නඩුවේ සැකකරුවන් වශයෙන් නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනුම් ලද නියෝගයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා යන අයගේ නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටින ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චිකඩේ පොලිස් ස්ථානයනය වෙත නියෝග කර ඇත.
සැකකරුවන් දෙදෙනා 2025.08.29 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහත විසින් නම වෙනි මස දොළොස් වැනි9/12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලා
ගමිපහ පියපේම මානික්කරත්න












