ලංසා පවුලේ දූෂිතම ව්‍යපෘති ගැන හීන්කෙන්දලාගේ පුනරුද පාලනය තවමත් නිහඬ ඇයි ?

0
501

 

 

 

ඩඩ්ලි මාර්කට් එක 2 1024x768 1 696x522 1

ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් මිට වසර 5 කටත් පෙරය.

මේ නිසාම  දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විට යන ඒන මන් නැතිව සිටිති.

මහල් 14 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සහ නව වෙළඳ සංකීර්ණයක් ද සමඟින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ මීගමුව කාමච්චෝඩේ, ඩඩ්ලි සේනානායක නිවාස සංකීර්ණය සහ නව වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමට රුපියල් කෝටි 152 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබුණි.

එලෙසම මෙහි ගෘහ නිර්මාණ සැලසුම නිර්මාණය කිරීම  සහ …….වෙනුවෙන් රුපියල් කෝටි 08 ක විශාල මුදලක් අදාල සැලසුම නිර්මාණය කළ ආයතනයට ගෙවන්නට ගෙවන්නට තින්දු කර තිබුන අතර ඉන් රු කෝටියක මුදලක් දැනමටත් ගෙවා ඇතැයිද වාර්ථා වේ

. එහෙත් මෙම සැලසුම අනුව මෙහි ඉදිකිරීමේ කටයුතු සිදු කරන්නට කිසිදු මුදලක් මීගමුව නගර සභාවට නොතිබූ බවද වාර්තා වුණි. ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයාගේ අදහස වූයේ පළමුව වෙළඳ සංකීර්ණය පමණක් ඉදිකර පියවරෙන් පියවර එම නිවාස සංකීර්ණය ඉදිකිරීම සිදුකල යුතු බවයි. ඒ අනුව දේශීය ණය සංවර්ධන අරමුදලේ ණය ලබා ගැනීමට උත්සුක වී එම භූමියේ තිබූ පැරණි ඩඩ්ලි සේනානායක වෙළඳසැල එවක නගරාධිපති ව සිටි දයාන් ලංසාගේ නියමයෙන් කඩා දමනු ලැබීය.

මෙම සංශෝධිත සැලැස්මට අනුව තට්ටු  4 වෙළද සංකිර්ණක්  ඉදිකිරිමට සුදානම් වි තිබුන අතර ඒ සදහා වැය වනු ඇතැයි ඇස්තමේන්තු කරන ලද මුදල රු කෝටි ….  ප්‍රකාශ විය

පසුව මෙය දෙමල් වෙළස සංකිර්ණයක් ලෙසින් ඉදිකරන්නට තිරණවි තිබුන අතර ඒ සදහා වු ඇස්තමේන්තුවද සිව්මහල් සංකිර්ණයට යන මුදලට ආසන්න බව පසුව දැනගන්නට ලැබුණි.

ඒ අනුව මෙහි ප්‍රථම පියවර ලෙස දැඩි සේනානායක වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබීය. එහිදී පළමු ටෙන්ඩරයේදී කොන්ත්‍රාත් ආයතන කිහිපයක් මිල ගණන් දැක්වීම සඳහා ඉදිරිපත් වී තිබිණ. එහිදී එයින් අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කර තිබු ” මයික්‍රෝ ” ආයතනයට මෙම ටෙන්ඩරය පිරිනමනු ලැබීය. එහිදී වාර්තා වූයේ එම ආයතනය ඉදිරිපත් කර තිබූ ලේඛන සියල්ලම පාහේ කූට ලේඛන බවයි.ඒ අනුව එම ආයතනය ඉවත්කර, නැවත ටෙන්ඩර් කර නව ආයතනයක් තෝරා ගැනීමට මුදල් කාරක සභාවේ නිර්දේශය මත ,මහා සභාව අනුමත කිරීමෙන් පසු දෙවන වර්ග නැවත ටෙන්ඩර් කිරීම සිදුවිය.

ඒ අවස්ථාවේදී ඉදිරිපත් වී තිබුණේ එක ටෙන්ඩර්කරුවෙකි. එලෙස ඉදිරිපත් වී තිබූ එකම ආයතනය නම් පළමු ටෙන්ඩරේදී කූට ලේඛන ඉදිරිපත් කර තිබීමෙන් ඉවත් කළ ” මයික්‍රෝ ” ආයතනයමය

මේ දුෂිත ක්‍රියාවට මුල් වු රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වත්මන් පුනරුද පාලනය කඩිනමින් කටයුතු කළ යුතුව තිබුණද ඒවා එසේ වන බවක් නොපෙනේ .

කෙසේ වෙතත් පෙර කූට ලේඛන ඉදිරිපත් කර තිබූ ” මයික්‍රෝ ” ආයතනයට මෙම ටෙන්ඩරය පිරිනැමීම පිළිබඳව මේ වන විට අල්ලස් කොමිසමටද කරුණු වාර්තා කර ඇතැයිද දැනගන්නට තිබේ.

මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි එය කඩා දමා වසරකට පසු මහසභාරැස්විමකදි කියා සිටියේ 2021 පෙබරවාරි මාසයේදිය

ඩඩ්ලි මාර්කට් එක 1 1024x768 1

පසුගිය දශක දෙකකට ආසන්න කාලය ලංසා පවුල  මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලිය.
වසර ගණණාවක් ඉක්ම ගොස් තිබුණද  තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය තවත් එක් පැහැදිලිව උදාහරණකි .
කඩ හදා ඉතිරි කොටසේ පමණක් බස් නැවැත්විම සදහා හැදු .මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.

ඩඩ්ලි මාකට් ඒකේ ඉදිකිරිම් පමාවි ඇරඹි තිබුණද ඒය තවමත් අවසන් නැත. දැනට මේ  ඉදිකිරිම් පවා කරමින් සිටින්නේ ටෙන්ඩරය අනුමත කරගත් ආයතනය විසින් නොවේ . එවැන්නක් කිරිමට තාක්ෂණික සුදුසුකම් නැති පිරිසක් විසින් බවත් සැලය.
මෙහි වලයේ වැඩ නිමනොකර තිබියදි පසුගිය වසරේ මහමැතිවරණයට කලින්ම මුදල් ගෙවා තිබුනේ නගර සභාවේ ස‌ේවකයන්ට ගෙවිමට වෙන්කර තිබු මුදල් පවා භාවිතා කරමිනි.

වගකිම් විරහිත විනයක් නැති මේ පාලකයන්ට එරෙහිව මාලිමාව තවමත් නිහඩ ඇයිද යනප්‍රශ්ණය දැන් මිගමුවේ පුරවැසියන් නිරන්තරයෙන්ම මතුකරන්නට පටන් ගෙන තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here