ඊයේ දිනයට සාපේක්ෂව අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න මාළු පැමිණ ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
එහි සිටින ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ මාළු මිළදී ගැනිමට පැමිණෙන වෙළඳුන් අඩුවිම නිසා බරපතල අර්බුදයක් මතුව ඇති බවය.
අද දිනයෙ රටේ හතරවටින්ම විවිධ මත්‍යස්‍ය තොග ලෙල්ලමට පැමිණ තිබේ.
වැඩිපුරම ඇත්තේ දකුණෙන් එන ලින්නන් බව ලෙල්ලමේ අය කියා සිටිති.
ඊයේ දිනයේ රු 850කට පමණ වු අලෙවි වු ලින්නන් අද රු 500- 600 අතර මිළකට අලෙවි වේ.
සාලයා මසුන්ගේ පැමිණිමේ හිඟයක් තිබුනද අද විවිධ වර්ගවල මසුන්ගෙන දැනටමත් ලෙල්ලම පිරිගොසිනි.
මේ අතර ගමේ මාළුන්ද (මිගමුවේ ) අද යහමින් ඇතැයිද සැලය.
මේ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද ඉතා පැහැදිලි ලෙස මාළු මිළ පහලය ගොස් තිබේ.












