විජයරත්නම් පාසැලට ගිය MOH එකේ නිලධාරීන්ට සිසුවියන්ගෙන් චෝදනාවක්?

0
934

 

( තෙවන සංස්කරණය ) මිගමුව වැල්ලවිදියේ විජයරත්නම් විදුහලේ ඇස් පරික්ෂාව සඳහා ගොස් සිටි මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට මේ වන විට  චෝදනාවක් එල්ල වි තිබේ.

ඒ සිසුවියන්ගේ ඇස්පරික්ෂාව සිදුකළ අයවලුන  සිසුවියන්ව අනවශ්‍ය ලෙසින් අතපත ගාන්නට ගොස් තිබිම නිසා යැයි කියැවේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ අධික්ෂණය යටතේ වෙනත් සේවකයන් තිදෙනෙකු විසින් මේ ඇස් පරික්ෂාවට අදාල  කටයුතු සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිසුවියන් සිය දෙමව්පියන්වද දැනුවත් කිරිමෙන් පසු විදුහල්පතිවරයාට මේ ගැන පැමිණිලි කර ඇතැයි ලංකා ගුරු සංග⁣මයේ ලේකම් ජොශප් ස්ටාලින් මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.

කෙසේ වෙතත් විදුහල්පතිවරයා මේ ගැන නිසි අවධානය ඒ මොහොතේ යොමු නොකල බව මේ දෙමව්පියන් තමාට ප්‍රකාශ කළබව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ගුරු සංගම් ලේකම්වරයා මිගමුව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාටද මේ ගැන දැනුවත් කරතිබේ.

අද ( 12) පෙරවරුවේ මේ සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරිමට අදාල බළධාරින් පාසැලට පැමිණ තිබුන බවද වාර්තාවේ.

මේ අතර  මිගමුව වෛද්‍ය නිලධාරිවරයා අදාල දෙමව්පියන්ද කැදවා මේ ගැන කරුණු සාකච්ජා කර තිබුන බවත්, මේ ගැන නිසි පරික්ෂණයක් පැවැත්විම සඳහා ලිඛිත පැමිණිල්ලක් අදාල බලධාරින් හට සිදුකරන ලෙසද දැනුම් දි ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් MOH කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙවැනි ගැටළු ඉදිරියේදි  ඇතිනොවන ආකාරයට නිසි විසදුම් සැලසුම් කිරිමට  කටයුතු කරන බව මහජන  සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්  අප කළ විමසුමකට පිළිතුරු  දෙමින් අවධාරණය කර සිටියේය.

මේ අතර පාසැල් සංවර්ධන සමිතියේ ලේකම් විසින් අප වෙත ලිපියක් එවමින් කර ඇති පැහැදිලි කිරිමේ සාරංශය වනුයේ පාසැල් සිසුවියන්ට අපහසුවක් වන අන්දමේ හැසිරිමක් සිදුව නොමැති බවය.

එක දෙමව්පියෙක් පමණ මේ ප්‍රශ්ණය මතු කර ඇති බවත්ය.MOH කාර්යාලයේ නිලධාරින් වෘත්තිමය ආකාරයෙන් අදාල පරික්ෂණ සිදුකර ඇතැයිද එම ලිපිය තුලින් තවදුරත් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ බොහෝ සිදුවිම් වලදි පාසැලේ නම බේරාගැනිම අංක එකට පැමිණෙන බවත් හිංසාවට පත්වුවන්ගේ මඟහැරෙන බවත්ය.

කෙසේ වෙතත් අප යළිත් අවධාරණය කර සිටින්නේ එක් දරුවෙකු හෝ තමන්ට යම් අපහසුවක් සිදුවුයේ යැයි පවසා සිටින්නේ නම් ඇයගේ පිඩාවට අනිවාර්යෙන්ම අදාල සියලු පාර්ශයන් අපක්ෂපාතිව සංවේදි විය යුතු බවය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here