මිගමුවේ මාලිමාවේ නගරාධිපතිවරයා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ ඇතැමුන්ගේ ෆේස් බුක් පිටු පසුගිය කාලය තුල පිරෙමින් තිබුනේ පාරවල් හැදිම් කාණු සුද්දකිරිම්,පාක් එකේ සහ වෙරළේ කුණු එකතු කිරිම් වලට අදාලව පින්තූර වලින්ය.
නගරාධිපතිවරයාද තරඟෙට මෙන් පින්තුර බුකියේ පින්තුර අලවන්නට පටන් ගෙනය.
පාරවල් කුණු ඇහිදිම් බනිස් බෙදිලි ඒ සියල්ල හොඳ වැඩය.
එහෙත් මිගමුවේ බදු ගෙවන ජනයා බලාසිටින්නේ ලංකාවේ දුෂිතම මහනගර සභාව තුල පවුලක් විසින් මහජන බදු මුදල් කාබානිසියා කරමින් දශකයකටත් වැඩි කාලයක් සිදුකරන ලද මජර පාලනය ගැන විමර්ශන සිදුකර අදාල දුෂිතයන් නීතිය ඉදිරියට ගෙන එන්නේ කවදාදැයි කියාය.
එහෙත් මිගමුව තුල දශකයක් පුරාවට සිදුවු අන්ත දුෂණ වංචා කප්පම් කොමිස් ගැසිම් ගැන තවමත් මීක් නොකියන නගරාධිපති හීන්කෙන්දලාගේ පාලනය ගැන මාලිමාවට ඡන්දය දුන් අය පමණක් නොව මාලිමාවේ නගර සභිකයන් පවා ප්‍රශ්ණ කරන තැනට කටයුතු යෙදි හමාරය.
විපක්ෂය ඊට හපන්ය.ඔවුන්ද මේවා ගැන කරුණු විමර්ශනය කොට පැමිණ ප්‍රශ්න කරන බවක් නොපෙනේ.
මාලිමා බලයට ගෙන ඒමට මිගමුවේදි මහන්සි වු බහුතරයක් දෙනා විමසා සිටින්නේ මේ වංචා දුෂණ ගැන විමර්ශන කරන්නට හීන්කෙන්දලා බය දැයි කියාය.












