මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ මාලු මිළ ගණන් ගැන අපි දැන් කාලෙක ඉදන් අපේ වෙබ් එකේ උදෙන්ම දානව.
ලෙල්ලමේ ඉන්න ඉතාමත් නිහතමානි කෙනෙක් වුන එම්මානුවෙල් අයියා තමයි අපට මේ මිළ ගණන් ගැන දැනුවත් කරන්නේ.
පහුගිය දවස් කිපයකම අපි මාලු ගැන දාපු නිව්ස් වලට , ෆේස්බුක් ව්‍යාජව පවත්වාගෙන යනවා යැයි හිතන්න පුලුවන් දෙතුන් දෙනෙක් මංකුලියේ ලෙල්ලම් වල මාළුත් කුණු මාලු කියල කෙමෙන්ට්ස් දාන්න පටන් අරන් තිබුන.
මෙයාල ලෙල්ලම පැත්තේවත් ආපු නැති අය වෙන්නත් පුලුවන්.
කොහොම උනත් පිටිපන දූව ලෙල්ලමට අදාලව ඒ කමෙන්ට්ස් එතරම් පදනමක් නෑ කියන එක තමයි අපේ අත්දැකිම.
හැබැයි කොටුව පිට්ටනිය ලග තියෙන පල්ලිය විසින් ලබා දුන් ටෙන්ඩරයක් මත ක්‍රියාත්මක මාළු වෙළද සැලට අදාලව නම් ප්‍රමිතියෙන් අඩු මාළු අලෙවි කරනවා යන චෝදනාවක් එල්ලවෙලා තියෙනවා.
මේක ඇත්තටම මිගමු මාළු කියන්නේ ඇත්තටම බ්‍රෑන්ඩ් එකක්.මේ කොටුව පිට්ටනිය ලග කුණුමාළු කතාවයි හොරට කිරන කතාවයි හින්ද මේ හොදම බ්‍රෑන්ඩ් එකටත් වෙමින් තියෙන්නේ නිගරුවක්.
පහුගිය දවසක කොටුවපිට්ටනිය ලගින් අරන් ගිහින් තිබුන මඩුමාළු වල ප්‍රමිතියෙන් තොර මාළු කෑලත් තිබුන කියල අපව දැනුවත් කරල තිබුන.
මේක ඇත්තටම කණගාටුදායක තත්වයක්.පල්ලිය මේව ගැන හොයල බලල හොරට කිරිල්ලයි, කුණු මාළු කතාවලුයි මිගමුවෙන් අයින්ම කරල දාන්න කටයුතු කරල එක ඉතාමත් වැදගත්…













