රුක් රෝපණය සහ පරිසරය සුරකිමේ අභියෝගය.?

0
617

 

ඒකාබද්ධ පළාත් පාලන සතිය වෙනුවෙන් අද පෙරවරුවේ මිගමුව බස්නැවතුම ඉදිරිපිටදි රුක්රොපණ වැඩසටහනක් පැවැත්විණි.
මිගමු පුරපති හීන්කෙන්ද මෙහිදි අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ පරිසරය රැකගැනිමට සාමුහිකව ඉදිරියට පැමිණිය යුතුව බවය.

මිනිස්සු බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා මේ පරිසරයේ අපි අයිතිකාරයෝ කියලා,අපි මේ පරිසරයේ අයිතිකාරයෝ නෙමේ,පරිසරය අපට භාර දුන් දෙයක්,ඒ නිසා පරිසරයේ භාරකාරයෝ වන අපට එය ආරක්ෂා කර ගැනීමට විශේෂ වගකීම් රැසක් ඉටු කළ යුතු වෙනවා,පුරවැසියන් ලෙස එම වගකීම අපි ඉටුකළ යුතුයි නගරාධිපති රොබට් හීන්කෙන්ද අද අවධාරණය කලේය.

මේ අතර මන්නාරම් දිස්ත්‍රික්කය තුල ව්‍යාප්ත කිරිමට යන සුළං විදුලි බල ව්‍යෘතියට එරෙහිව අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරමින් උද්ඝෝෂකයන් කියා සිටියේ මන්නාරම් දිස්ත්‍රික්කය විනාශ නොකරන ලෙසය.

මිගමුවේ හදවත බදුවු කලපු පරිසරය පද්ධතියට බරපතල බලපෑමක්  කරමින් ඉදිකර ඇති දැවැන්ත නිවසක් මිගමුව දුව පිටිපන ලෙල්ලම ආශ්‍රිත ප්‍රදේශයේදි දක්නට ලැබේ.

ඊශ්‍රායල් කොඩියද ප්‍රදර්ශනය කර ඇති මෙම නිවස කලපුවද අල්ලාලගෙන ඉදිකර ඇතැයි ප්‍රදේශවාසින් මෙන්ම ධිවර ක්‍රියාකාරින්ද චෝදනා කර සිටිති..

මේ ඇතැම් ඉදිකිරිම් මාලිමා රජය බලයට පත්විමෙන් පසු සිදුවු ඒවා බවටද ඇතමුන් පවසති .

පුරපති කියන පරිසරය සුරකිමේ වැඩේ ඔහුටම මුලින්ම පටන් ගැනිමට සිදුවන සෙයක් දැන් පෙනි යමින් තිබේ. පරිසර සුරකිම පිළිබදව අද පෙරවරුවේ ඔහු කළ ආදර්ශමත් කථාව දැන්ඔහුටම පාරාවලල්ලක් වෙමින් තිබේ

ඡායා- රේමන්ඩ් අපෝන්සු/ බර්ටි වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here