පාස්කු ප්‍රහාරයට මාස 77යි ! පුනරුද ජනපති පත්ව වසරයි!

0
438

ජාතික ජන බලවේ⁣ගය පාස්කු ප්‍රහාරයට කඩිනමින් යුක්තිය ඉටුකරන බව ජනපතිවරණයට පෙර ඔවුන්ගේ ප්‍රබල පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරන්නට යෙදුණි.

ඒ දිනවල මිගමුවේ NPP ක්‍රියාකාරින්ද බාල්දි හංදියේ 21 ක විරෝධයට එක්ව සිටියා මතකය.

එහෙත් එදා වීදිබට සගයන් දැන් නැත.

එදා මෙදා තුර මේ අරගලය අතනොහැර ඉදිරියට ගෙන යන , සෑම මසක 21 වනදාට බාල්දි හංදියේ විරෝධය තෙවෙනි ඇසින් සමාජයට එක් කළ ලාල් සහෝදරයා ඊයේ දිනයේත් බාල්දි හංදියට විරෝධයට එක්වෙමින් ගන්නා ලද පින්තූර දැනෙන සටහනක්ද සමගින් ඔහුගේ ෆේස්‍ බුක් පිටුවේ පළ කර තිබුණි.

මීගමුව,
කටුවපිටිය මන්සන්දිය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රමාදය යනු….

# දින 2340
# සති 333
# මාස 77
# අවුරුදු 6

සහෝදර ජනාධිපති පත්ව වසරයි! මීගමු ජනතාව වසර හයක් අඛන්ඩව විරෝදතාවයේ යෙදෙමින් සිටී. යුක්තිය සත්‍යය ඉටුවීම වින්දිතයාගේ අයිතියක්.
එම අයිතිය දැනගන්නාතුරු මීගමු ජනතාව පමණක් නොව උතුරු නැගෙනහිර හා මලයහ ජනතාවත් අඛන්ඩව අරගළ කරන බව NPP ආණ්ඩුව දැනගත යුතුය. එම ජනතාවට දුන් පොරොන්දු තුලින් NPP ආණ්ඩුව බලයට ආ බව අමතක නොකරන්න.ජාතික ජනබලවේගය ගැන නිරන්තර විවේචන ඉදිරිපත් කරන්නෙකු වන සමාජ ක්‍රියාකාරිකයෙකු යන රාජන් සිය ⁣ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර තිබුණි.

මේ අතර මිගමුව විද්වත් සංවිධානයේද සමාජිකයෙකු බව කියන ඩිනල් නැමැත්තෙකු මෙසේ සටහනක් සිය බුකි පිටුවේ අලවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here