මේ සති අන්තයේ, වෙනස්ම අත්දැකිම් ලබන්න පවුලේ අයත් එක්ක එන්න Ranka එකට. ….

0
498

 

සති අන්තයේ සවස් කාලයක ඔබේ දූ දරුවෝ ඇතුළු පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් නැදෑ හිතවතුන් එක්ක හෝ අලංකාර හා ආකර්ශනීය පරිසරයක සතුටු සාමිචියේ යෙදෙමින් නිදහසේ කැලිප්සෝ සංගීතය මුසු වුණු සුමියුරු ගීත ගායනාවන් ද රස වින්දනය කරමින් සහ ඔබ ආශාවෙන් රස විඳින්නට ඉතාම කැමති ප්‍රණීත ආහාරපාන සමඟින් සොඳුරු සන්ධ්‍යාවක් ගත කරන්නට රැන්කා ෆුඩ් හවුස් ෆැමිලි රෙස්ටුරන්ට් ඔබට සුහද සිතින් යුතුව ආරාධනය කර සිටී.
ජීවිතයේ දෛනික ප්‍රශ්න හා අනේකවිද දුක් දොම්නස් පසෙක තබා රැකියාවේ ව්‍යාපාරයේ සියලු ප්‍රශ්න ගැටලු ද මොහොතකට පසෙක තබා පවුලේ දුවා දරුවන් සමඟ නැතහොත් ඔබේ නෑදෑ හිතමිතුරන් සමඟ, ඔබේ සේවක සේවිකාවන් සමඟ මෙරට, ආහාර පාන වර්ග මෙන්ම බටහිර සහ ඉන්දියානු ආහාර පාන වර්ග ද රිසිසේ රස විඳින්නට මනරම් අලංකාර පිටත එළිමහන් පරිසරයකින් සමන්විත රැන්කා ෆුඩ් හවුස් ෆැමිලි රෙස්ටුරන්ට් දැන් සෑම සති අන්තයේ සවසකම කැලිප්සෝ සංගීතය මුසු වුණු සුමියුරු ගීත ගායනාවන් ද රස විඳ ගන්නට අපූරු අවස්ථාවක් ඔබ වෙනුවෙන් දැන් සලසා ඇත.

එලෙසම බොහෝ දෙනෙක් දන්න කාරණාව තමයි රැන්කා ෆුඩ් හවුස් කියන්නේම දශක ගානක සිට සම්ප්‍රදායිකත්වය මත රැඳෙමින් අලුත් අලුත් දේ රැගෙන එන කාගේත් විශ්වාසය උපරිම ලෙස දිනාගත්තු පවුලේ අවන්හලක් කියලා. ඒ වාගේම රැන්කා ෆුඩ් හවුස් හී සේවය නියුතු දක්ෂ සූපවේදීන් විසින් පිළියෙල කරන විවිධ වූ ආහාර පාන වර්ග මේ වන විට බොහෝ දෙනෙක් අතර ඉතාම ජනප්‍රිය යි.
ඉතින් රැන්කා ෆුඩ් හවුස් ෆැමිලි රෙස්ටුරන්ට් වෙතින් මේ මෑතකදී තමයි මේ සති අන්තයේ කැලිප්සෝ සංගීතය මුසු වුනු සුමියුරු ගීත ගායනාවන් හඳුන්වා දුන්නේ. ඉතින් රැන්කා ෆුඩ්ස් ෆැමිලි රෙස්ටුරන්ට් එකේ කෘතිම රසකාරක වර්ණක නැති ඒ වගේම ශරීරයට වස විස නැති ප්‍රණීත ආහාර පාන රසවිඳින අතරේම, නෙතට රසදුනක්වන් අලංකාර එළිමහන් පරිසරයක සිට සවනට මිහිරි කැලිප්සෝ සංගීතය සමඟ මුසු වුණු ගීත ගායනාවන් ද ඔබට මෙන්ම ඔබේ දූ දරු, නෑදෑ හිත මිතුරන්ට ද අමුතුම නවමු අත්දැකීමක් ලබා දෙනු නිසැකයි .

ඉතින් අපි ඔබට නැවත නැවතත් ආරාධනය කර සිටිනවා, මේ සති අන්තයේ සවසක , ඔබේ කලබලකාරී ජීවිතයෙන් මඳක් මිදී මේ අලුත් අත්දැකීම විඳගන්නට ඔබට සුපුරුදු රැන්කා ෆුඩ් හවුස් ෆැමිලි රෙස්ටුරන්ට් වෙත පැමිණෙන්න කියලා.

රැන්කා ෆුඩ් හවුස්, ෆැමිලි රෙස්ටුරන්ට්
( RANKA FOOD HOUSE FAMILY, RESTAURANT )
18 කනුව හංදිය
කටුනායක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here