පුනරුද ජනපති පදවි ප්‍රාප්තියට වසරයි! මිගමුවට තීරාණාත්මක රැස්විම හෙටයි !.

0
586

 

පුනරුද ජනපතිගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරි ඇත.
මාලිමා පළාත් පාලන ආයතන වලටද දැනට මාස 4කුත් ගෙවි හමාරය.

මේ පසුබිම තුල හෙට (24) මිගමුවේ පැවැත්විමට නියමිත සම්බන්ධිකරණ කමිටු රැස්විම වඩාත් තිරාණාත්මක එකක් බවට පත්ව තිබේ.

රටක තුනෙන් දෙකෙ බලයකුත් , හිමි,මිගමුවේද අතිබහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවකින්ද සමන්විත පුනරුද පාලනයට මිගමුවට අදාලව සැලකිය යුතු යමක් කිරිමට තවමත් නොහැකිවුයේ මන්ද යන ප්‍රශ්ණය ⁣මේ පසුබිම තුල ඉතාමත් වලංගු එකක් බවට පත්ව තිබෙි

ලංකාවේ දුෂිතම නගර පාලනය පැවැතියේ මිගමුවේ බව අවිවාදිත කරුණකි.
එය දශක දෙකක පමණ පවුලක පාලනයකට නතුව තිබිණ.

මිගමුවේ බදු මුදල් පවුලක සුඛවිහරණය සඳහා පැහැදිලිව යොදා ගැනුනි.

මේ දිනවල වත්කම් බැරකම් ගැන පුලුල් සංවාදයක් මතුව තිබේ.

දන්නා තරමින් කිසිදු පැහැදිලි ආදායම් මාර්ගයක් නොතිබුන ලංසා පවුලේ සහෝරදයන්ට සුවිසාල නිවෙස් හදන්නට හැකි වුයේ කෙසේද?

පසු ගිය මැතිවරණයේදි ලංසා පවුල සමස්ත දේශපාලනයෙන්ම අතුගා දැමු මිගමු ජනතාව සැබැවින්ම බලාපොරොත්තු වුයේ මහජන බදු මුදල් පවුලක පැවැත්ම වෙනුවෙන් කොල්ල කෑ මේ දේශපාලකයන්ට එරෙහි නීතිය
ක්‍රියාත්මක කිරිම කඩිනමින් ක්‍රියාකරනු ඇතැයි කියාය.

එහෙත් ඒ සම්බන්ධයෙන් නම් කිසිවක් තවමත් සිදුවන බවක් නොපෙනේ.

බදු මුදල් ප්‍රතිශතය වැඩිකල හීන්දකෙන්දලාගේ පුනරුද පාලනය අඩුම තරමින් බිච් පාක් එක හෝ නැවත නගර සභා පාලනය යටතට ගත්තේ නම්  මහජන සුබ සෙත වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ලබාගැකිව තිබුණි.

එහෙත් මේ වන විට  බිච් පාක් එක යනු පුනරුද පාලනයට තහනම් වචනයකි.

නගරාධිපති රොබට් හීන්කෙන්ද මිපුර වෙබ් අඩවිය අමතා පවසා තිබුනේ , බිච් පාක් එක ගැන කිසිවක් ඔහුට පැවසිමට නොහැකි බවත් එයට හේතුව ඒ සම්බන්ධයෙන් නඩුවක් දැනට ඇති නිසා බවත්ය..

මේ අනුව හෙට පැවැත්වෙන මිගමුව සම්බන්ධිකරණ කමිටුවේදි ප්‍රධානතම අවධානය යොමු කළ යුතුව තිබුන බිච් පාක් ප්‍රශ්ණය යනු පුනරුදයට  මුකවාඩම් දමා ගැනිමට සිදුව  ඇති වචනයකි.

මැතිවරණ සමයේදි මහින්ද ජයසිංහලා ලංසා පවුල ඉලක්ක කරගෙන දැවැත්ත විවේචනයක් සමාජගත කරමින් සිටි බව ඉතා පැහැදිලිය.

එහෙත් දැන් මිගමුවට දේශපාලන නායකත්වය ලබාදෙන මහින්ද ජයසිංහලා පවා නිහඬ කරවන තැනට ලංසලා ස්මාට්වුවාදැයි සිතෙන තරමට ප්‍රශ්ණය උඩුයටිකුරු වි ඇත.

කෙසේ වෙතත් ⁣බිච් පාක් එක ගැන පුරපති හීන්කෙන්දගේ සිමාවන් ගැන  කරන ලද පැහැදිලි කිරිම පසුබිමේ තිබියදිම, ලංසා පවුලේ අනික් දුෂණ වංචා එකින් එක ගෙන ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන ප්‍රශ්ණය මිගමුවේ ජනතාවට පවා තේරුම් ගත නොහැකි වි තිබේ.

නිදසුනක් ලෙස ලක්ෂ 1600ක් කාබාසිනියා කළ කාමච්චෝඩේ පොළ ගොඩනැගිල්ල ගැන වත්මන් නගර පාලනය මුනිවත රකින්නේ ඇයි?

ලක්ෂ 25 ක පමණ මහජන බදු මුදල් වැය කරමින් හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් මිලට පුද්ගලිකව ලඟතබාගෙන සිටි කැමරාව සහ එහි ආම්පන්නද පරිඝණකවලටද වෙච්ච දෙයක් නැත.

මේ බදු මුදල් නාස්තිය ගැන කිසිදු මැදිහත්විමක් නොකොට බදු ප්‍රතිශතය වැඩි කිරිමට සදාචාරාත්මක අයිතියක් හීන්දකෙන්ද පාලනයට ඇතිදැය තතු දන්නෝ ප්‍රශ්ණ කර සිටිති.

ඉතින් හෙට පැවැත්වෙන රැස්විමද මිට පෙර පැවති රැස්විම් වල කතා සාප්පු ඉරණමින් මුදවා ගෙන මිගමුවේ බදු ගෙවන  ජනයාට සෙතක් සැලසෙන අකාරයට පැවැත්විම පුනරුද පාලකයන් සතු ප්‍රධානතම වගකිමක් බවට පත්ව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here