කලා කෙතේ රන් අස්වනු ” කරලියට ගෙන ආ , මීගමුව, ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය. …

0
558

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සාහිත්‍ය කලා මහෝත්සවය ” කලා කෙතේ රන් අස්වනු ” නමින් මෙවර නිවුස්ටඩ් බාලිකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ඊයේ දින එනම් සැප්තැම්බර් 26 වැනි දින පෙරවරුවේදී පැවැත්විණි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ සංස්කෘතික නිලධාරිනී දිලූෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එම කාර්ය මණ්ඩලයේ ආරාධනයෙන් මීගමුව භාර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලූෂ ද සිල්වා සහ නිවුස්ටඩ් බාලිකා විදුහල්පතිනී උදයන්ගී දෙහිවත්ත යන මහත්ම මහත්මාවීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ.

IMG 20250928 WA0002 IMG 20250928 WA0014 IMG 20250928 WA0010 IMG 20250928 WA0011
ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛයි ආගමික ගරු පූජකතුමන්ලාගේ අනුශාසනාවන්ගෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සභාව අමතමින් ප්‍රකාශ කළේ මෙම කලා මහෝත්සවය සඳහා ඉදිරිපත් වූ පාසල් තරඟ අංශවලින් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලද පාසල බවට පත් වූයේ නිවුස්ටඩ් බාලිකා විපද්‍යාලය බැවින් මෙවර මීගමුව සාහිත්‍ය කලා මහෝත්සවය මෙම විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බවයි.

IMG 20250928 WA0007IMG 20250928 WA0013
මේ අනුව මෙම කලා මහෝත්සවය සඳහා සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රීත්වයෙන්ම විවෘත හා පාසල් යන දෙයංශයෙන්ම ගද්‍ය, පද්‍ය, රචනා ඇතුළු තරග අංශ 60 ක් පමන සංවිධානය කර තිබිණි. එලෙසම මීගමුව පුරවරය තුළ ලියාපදිංචි රංග කලා ආයතන 05 ක් විචිත්‍රවත්ව ඉදිරිපත් කළ නර්තනාංග කිහිපයකින්ද මෙම සාහිත්‍යය කලා මහෝත්සවය වර්ණවත් විය.

IMG 20250928 WA0009 IMG 20250928 WA0008 IMG 20250928 WA0006
පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකුම සාහිත්‍ය කලාව තුල ඇති වටිනාකම පිළිබඳව හරවත් දෙසුම් පැවැත්වූහ. ඉන් අනතුරුව මෙම සාහිත්‍ය කලා මහෝත්සවයේ සුවිශේෂීම අංගය හෙවත් මෙම මහෝත්සවයේ ප්‍රධාන දේශනය සහ එයට සමගාමීව පැවති ගීත ගායනාවන් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන දේශනය සදහා සහභාගී වුයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ප්‍රවීණ සංගීතඥ ශාන්ත පීරිස් මහතායි. ශ්‍රී ලංකාවේ නාට්‍ය සම්ප්‍රදායන්ගේ ඉතිහාසය ඔහුගේ වියත් දේශනයේ ප්‍රස්තුත මාතෘකාව බවට පත්විය. මෙරට බිහිවූ කෝලම් නාට්‍ය සම්ප්‍රදායත්, එලෙසම නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳවත් තවද නූර්ති නාට්‍ය පිළිබඳවත් ඔහුගේ දේශනය තුළින් සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරිණි.
ඔහුගේ දේශනයට සමගාමීව පැවති ගීත ගායනාවන් සඳහා ගායනයෙන් සහය වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා විෂය පිළිබඳව කථිකාචාර්යවරයකු සහ වර්තමානයේ මනමේ සහ සිංහබාහු යන ප්‍රකට වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කරන වේදිකා නාට්‍යය නළුවෙකු වන ජනක මුණසිංහ මහතා සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් මෙන්ම ජනප්‍රිය වේදිකා නාට්‍ය නිළියක් සහ ගායිකාවක් වන අමන්දා නාරංකොටුව මහත්මියයි. ඒ අනුව මෙම දේශනයට ද සමගාමීව මෙරට කෝලම්, නාඩගම්, සහ නූර්ති නාට්‍ය වල ගීත කිහිපයක් සජීවීව රස විඳ ගැනීමේ අවස්ථාවද උදා විය. තවද මෙහිදී ගැයුණු කෝලම් සහ නාඩගම්,ගීත සඳහා මෙරට ප්‍රවීණ මද්දල් වාදන ශිල්පියෙකු වූ නන්දන ගුණසිංහ මහතා විසින් මද්දල් වාදනය සැපයූ අතර එම අවස්ථාවන් මෙම සාහිත්‍යය කලා මහෝත්සවය තවත් විචිත්‍රවත් කළහ.

IMG 20250928 WA0003IMG 20250928 WA0005 IMG 20250928 WA0004

IMG 20250928 WA0004 1 IMG 20250928 WA0001

එලෙසම තරග අංශවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහ විවෘත අංශයේ ජයග්‍රහකයන්ටද ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙම සාහිත්‍ය කලා මහෝත්සවය නැරඹීම සඳහා පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here