පසුගිය දිනවලට සාපෙක්ෂව මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.
අද වැඩිපුරම පැමිණ ඇත්තේ සාලයන්ය.
ඊයේ රු 300 ක් වු සාලයා අද රු 250කි. මෑත දිනවල සාලය මිළ මෙතරම් පහල බැස නැතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි..
ලින්නා කිලෝවක අද මිළ රු 550ත් 600ත් අතර අගයක පවති.
බල පැටව් අද රු 650කි.
ලේන් පරව් රු 650යි.කුම්බලාව කිලෝවක් රු 650කි.












