කව්ද අකමැති හුරුල්ලෙක් බැදල කන්න .වැඩේ කියන්නේ පහුගිය කාලේ ඒක කරන අමාරුම ටාර්ගට් එක වුනා.
එකක් මිළ ,අනික හුරුල්ලෝ ලෙල්ලමට ආවෙම නැතිඑක.
පහුගිය කාලේ හුරුල්ලෝ කිලෝ එකක් රු 900යි රු 1000යි.
එ හින්ද හුඟදෙනෙක්ට හුරුල්ලෙක් බැදල කන එක හීනයක් වෙලා තිබුනා.
ඔන්න දැන් චාන්ස් එක.ඊයෙ රුපියල් 650 ට ගිය හුරුල්ලෝ අද රු 500යි.
දූව පිටිපන ලෙල්ලමේ ගොඩක් මාළු ලෑලි වලට අද හුරුල්ලෝ බැහැල.කුකුලාවෙන් වගේම පුල්මුඩෙනුත් හුරුල්ලෝ ඇවිත්.
ඒ මදිවට මේ දවස්වල ගමේ බෝට්ටු වලටත් හුරුල්ලෝ වැටෙන්න පටන් අරන් .
බැදල,මිරිසට,ගම්මිරිසට ,කනව නම් දැන් තමයි කාලේ.
අද බලයෝ කෙලවල්ලෝ නම් අඩුයි. කිලෝ දෙක තුනේ බලයෝ රු 900යි.පොඩි බල පැටව් නම් රු 650යි.
ලින්නා රු 550 යි .සාලයා රු 300යි.පරා පැටව් රු 450යි .කුම්බලාව රු 600යි.












