පාකින් නැති මිගමුවට ,රථගාලක් නැති තවත් තට්ටු 4ක්?

0
1444
sdr

මිගමුව කියන්නේ බස්නාහිර පලාතේ වේගයෙන්ම දියුණුව කරා යන වානිජ නගරයක්.සංචාරක කර්මාන්තය පිමි පන්නවන්න වැඩිම විභයක් තියෙන තැනක්.

වැඩේ කියන්නේ මේකේ පාලනය දශක දෙකකට වැඩි කාලයක් තිබුනේ හොරු රැලක් අතේ.

මේ හින්දම මිගමුව නගරයට නිසි රථ ගාලක් තාමත් නැ.පුනරුද ආණ්ඩුව ඇවිත් අවුරුද්දක්.

නමුත් තාමත් මේ ගැන කතාවක් නම් නැති පාටයි.

ඒ මදිවට දැන් මරු වැඩක් වෙමින් තියෙනව.ටවුමට පාකින් නැතුවා විතරක් නෙමෙයි නගරය මැද නීතියට වෙට්ටු දාල හැදෙමින් තියෙන සිව්මහල් ගොඩනැගිල්ලකට පාකින් තියෙනවද කියන ප්‍රශ්ණෙත් ඉස්සරහට ඇවිත්.ලාෆ්ස් සුපිරි  වෙළඳ අසල මේ නීති නවපු ගොඩනැගිල්ල ඉදිවෙමින් තිබේ.

එතනත් වංගුවක් .පාකින් ඉතින් මවල තමයි පෙන්වන්න වෙන්නේ කියල තමයි තතු දන්න අය නම් කියන්නේ.

හැබැයි මේසා ප්‍රශ්ණ තිබුනත් නගරාධිපති මේ ගැන ඉන්නෙ හරියට කසාය බිපු ගොළුවෙක් වගේ.

ඒ ගැනත් විවිධ කථා එහෙ මෙහෙ ඉගිලෙනව.බලමු ඉස්සරහට මොකද මෙතන වෙන්නේ කියල

වැඩේ කියන්නෙ විපක්ෂය ඉන්නේත් කසාය බිපු ගොළුවෝ වගේනේ..

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here