ලෙකෝ එකට හැදෙන ඉරිදා ලෙඩේ ගැන කටුනායක ජනතාවගේ විරෝධය..

0
310

 

 

කටුනායක ප්‍රදේශයේ සෑම ඉරුදිනකම උදේවරුවේ අවස්ථා කිපයකදිම විදුලිය විසන්දි විම දැන් කලක පටන් සිදුවෙමින් තිබේ.

මේ පිලිබදව පසුගිය ඉරුදිනක දිව්‍යපුජාවේදි පවා ගරු පියතුමන් විසින් මතු කර තිබුනේ දේව මෙහෙය නිසි පරිදි පවත්වාගෙන යාමට පවා මේ විදුලි විසන්දිවිම තදබල ලෙස බලපා ඇති නිසා නිසාවෙනි.

අද කටුනායක පේදුරු පාවුළු දේවස්ථානයේ පාසැල් දරුවන් වෙනුවෙන් විශේෂ උත්සවයක්ද වෙයි.

තතු එසේව තිබියදි අද (05) දිනයේද පෙ.ව 8.43 ට විදුලිය ඇණහිටියේය.

සෑම ඉරුදිනකම පෙරවරුවේ මේ ආකාරයෙන් විදුලිය විසන්ධිවිම පිටුපස කිසියම් පැහැදිලි හේතුවක් ඇති බවට ජනතාව තුල ඇති සැකය දැන් වඩාත් තහවුරු වෙමින් තිබේ.

ලෙකෝ ආයතනය විසින් පාලනය වන කටුනායක ප්‍රදේශයේ ඉරිදා ලෙඩේ විසදා ගැනිම අදාල බලධාරින් නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් එයට බරපතල විරෝධයක් දැක්විමට පව ජනයා සුදානම් විමට ඉඩ ඇති බව මීට පෙරද අප සඳහන් කරඇත්තෙමු.
පල්ලියටද සම්බන්ධකම් ඇති ජාතික ජනබලවේගයේ ක්‍රියාකරින් රැසක් කටුනායක සිටිති.

කටුනායක සිදුව නගර සභාවේ උපනගරාධිපති සිටින්නේ මේ ප්‍රදේශයේමය.

සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් ලෙකෝ එකට හැදෙන මේ ඉරිදා ලෙඩේ සුව කිරිමට මාලිමා ක්‍රියාකාකාරින් කටයුතු කරන ආකාරය අප වඩාත් අවධානයෙක් යුතුව බලා සිටින්නෙමු.

T.S ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here