කටානේ උද්ඝෝෂණය ගැන ප්‍රා.සභාවේ සභාපතිණියගේ ප්‍රතිචාරය!

0
447

කටාන ප්‍රාදේශීය සභාව අසල ⁣ඊයෙ පැවැති විරෝධතාවය පිළිබඳව ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි සිය ස්ථාරවර මිපුර වෙබ් අඩවිය විසින් කළ විමසුමකට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියාය…..

IMG 20251006 WA0126
මෙම ” ඉඹුල්ගස්වාඩිය” නැමැති ඉඩම පසුගිය ආණ්ඩු කාලයන් සමයේදී කටාන නගරය නිර්මාණ කිරීමට වෙන් කරන ලද ඉඩමක් බවත්, එය තවමත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් (එල්.ආර්.සී) ඉඩමක් බවත් වාර්තා වුණා. ඒත් එක්කම මේ වන විට එහි ඉඩම් කොටස් කිහිපයක අයිතිය ඇති බව ප්‍රකාශ කරමින් දෙදෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා. කෙසේ වෙතත් මා කටාන ප්‍රාදේශීය සභාපතිනිය බවට පත්වී ගත වී ඇත්තේ මාස දෙක තුනක කාලයක් පමණයි. ඒ නිසා මා මේ පිළිබඳව නිසි ලෙස දැනුවත් නැති නිසා මේ අපේ මව් ආයතනය වන පලාත් පාලන දෙපාර්තමේන්තුවට මා විසින් මේ සඳහා නීති උපදෙස් ලබාදෙන ලෙස මේ වන විට ඉල්ලීමක් කර තිබෙනවා.

එලෙසම මේ මේ පිළිබඳව කෝප් කමටුවේද විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා.
කෙසේ වුවත් මා විශ්වාස කරන්නේ මෙය රජය සතු දේපලක් නම් , මෙය පෞද්ගලික පිරිස් වෙත ලබා නොදිය යුතු බවයි. අනෙක් විශේෂම කරුණ තමයි,මේ වන විටත් මෙම විශාල ඉඩමේ කටාන ආසනයේ බහුතරයක් රාජ්‍ය ආයතන ස්ථාපිත කර ඇති නිසා විශේෂයෙන්ම පොලිසිය, සමුපාකාරය, ප්‍රාදේශීය සභාව, තැපැල් කාර්යාලය යනාදී රජයේ ගොඩනැගිලි මෙම ඉඩමේ පිහිටා ඇති නිසා පසුගිය ආණ්ඩු කාල සමයේදී මෙය නගර සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ නම් එය සඳහා යොදා ගත යුතු බව මාගේ පෞද්ගලික අදහසයි. මෙම ඉඩම කටාන ආසනයේ නගර නිර්මාණය කිරීම සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුම ඉඩම බව මගේ අදහසයි. මාගේ පෞද්ගලික මතය වන්නේ මෙම ඉඩම තවමත් රජය සතු ඉඩමක් නම් කටාන ආසනයේ නගර නිර්මාණය සඳහා මෙය අනිවාර්යයෙන්ම යොදාගත යුතු බවයි.

මේ අනුව කුමන හෝ තීරණයක් ගත යුත්තේ මේ පිළිබඳව නීත්‍යානුකූලභාවය පිළිබඳව දැනුවත් වීමෙන් පමණයි. එනිසා මා හට ලැබෙන නීති උපදෙස් අනුව ඉදිරි කාලයේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here