ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ මීගමුව පිටිපන බුද්ධික හේෂාන් නැවතත් මව්බිමට. …

0
825

 

පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුනු 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ක්‍රීඩා ඉසව්වට සහ මීටර් 100 කෙටිදුර දීවිමේ ධාවන ඉසව්වට සහභාගි වු මීගමුව, පිටිපන බුද්ධික හේෂාන් ප්‍රනාන්දු ඊයේ (06/10/2025) දින එම තරඟාවලිය නිම කරමින් යලි මෙරටට පැමිණියේය.

IMG 20251009 WA0025IMG 20251009 WA0027 IMG 20251009 WA0026 IMG 20251009 WA00241 IMG 20251009 WA0025 1 IMG 20251009 WA0024 IMG 20251009 WA0023 IMG 20251009 WA0022 IMG 20251009 WA0021 IMG 20251009 WA0030 IMG 20251009 WA0030 1 IMG 20251009 WA0031 IMG 20251009 WA0031 1
මෙම තරගාවලියේදී ඔහු සහභාගි වූ මීටර 100 කෙටි දුර දිවීමේ ඉසව්ව සඳහා ස්ථානයක් හිමි නොවූ අතර ඔහුගේ ප්‍රියතම ඉසව්ව වු දුර පැනීමේ තරඟයෙන් 07 වැනි ස්ථානය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව ලොව ප්‍රබල දුර පැනිමේ පැරා ක්‍රීඩකයන් අතරින් ඔහුට හත්වෙනි ස්ථානය හිමි වී තිබේ.
එහිදී ඔහු වාර්තා කර ඇති දුර ප්‍රමාණය මීටර් 6.70 කි. ඔහු තවත් මෙවැනිම ජාත්‍යන්තර තලයේ පැරා මලල ක්‍රීඩා තරග වලට සහභාගි වෙමින් මෙම තත්ත්වය ඔහු 2028 වසර දක්වාම පවත්වාගෙන ගියහොත් 2028 වසරේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි දී පැවැත්වෙන මීළඟ පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට කිසිදු ආකාරයක බාධාවක් නොමැතිව සුදුසුකම් ලබනු ඇත.

ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලි හී සිට 2025 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී ඊයේ (06) මෙරටට පැමිණි බුද්ධික හේෂාන් ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වූ සියලු ක්‍රීඩකයින් පිළිගැනීමේ විශේෂ වැඩසටහනක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ, විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී සිදුවිය. එම වැඩසටහනට සමගාමීව බුද්ධික හේෂාන් ව පිළිගැනීමේ විශේෂ වැඩසටහනක්ද මීගමුව පිටිපන, ප්‍රදේශවාසි ජනතාව විසින් සංවිධානය කර තිබිණි.
එහිදී ඔහුව විවෘත රථයකන් පිටිපන ග්‍රාමය වෙත රැගෙන ගොස්, මල් මාලා පළඳවමින් මහත් හරසරින් පිටිපන ජනතාව විසින් ඔහුව පිළිගනු ලැබීය. එලෙසම පිටිපන කනික්ක දේව මතා දේවස්ථානයේ මීසම් පාලක ගරු ඇන්ටන් රංජිත් පියතුමා විසින් ඔහුට දේවාශිර්වාද ප්‍රාර්ථනා කරමින් පිළිගත් අයුරු ද දැකගත හැකි විය.
ඔහු පවසන පරිදි ඔහුගේ ඊළඟ ඉලක්කය වන්නේ 2028 පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදකකමක් ජයග්‍රහණය කිරීමයි.
ඒ අනුව ඔහු , ඔහුගේ එම බලාපොරොත්තුව වෙනුවෙන් ,ඉතාම නුදුරු දිනක නැවත සිය පුහුණුවීම් වල නිරතවීමට සැලසුම් කර තිබේ.
තම විශේෂ අවශ්‍යතා පවා පසෙක තබා, රටට යම් කීර්තියක් අත්කර දෙමින් , ශ්‍රී ලංකාව රනින් සරසන්නට වෙර දරන මේ දිරිය තරුණයාට නැවතත් අපගේ සුභාෂින්ෂන මෙලෙස එක් කළෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here