ලින්නා රු 460යි !බලයා රු 650යි

0
338

 

පහුගිය දවස්වල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලෑලි වල වැඩිපුරම දකින්න තිබුන ලොකු හුරුල්ලෝ වෙනුවට මේ දවස්වල ලෙල්ලමේ ලෑලි පිරිල තියෙන්නේ ලින්නන්ගෙන් සහ කුම්බලාවන්ගෙන්.

අදත් හුරුල්ලෝ නම් හිඟයි .

හැබැයි අද බලයා මිළ නම් ටිකක් පහල බැහැල.

වෙනදා රු 900ට විතර ගිය බලවා අද රු 650යි.
ලින්නොත් රු 450 වගේ ඉදන් තියෙනව.
කුම්බලා පැටව් එහෙමත් අද ටිකක් වැඩ්පුර තියෙනව.කිලෝවක් රු 600ට වගේ.යනව.

මේ දවස් ටිකේම සාලයා මිළ නම් බැහැල තිබුනේ .හැබැයි අද ටිකක් මිළ ඉහල ගිහින් කිලෝවක් රු 300- 350 ත් මිළකට අද ගන්න පුලුවන්.

හබරලි රු 900යි.

කොහොමත් අනිත් වර්ගත් සෑහෙන්න අද තියෙනව.අද ටිකක් වැඩිපුරම මාළු තියෙන දවසක් කියල තමයි හැමෝම කියන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here