මීගමුව” නාමය ලොවට ගෙන යන 2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රාජිනිය . ….

0
2429

පසුගිය 02 වැනිදා (02/10/2025) පැවති 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිනිය තේරිමේ තරඟයේදී මීගමුව, කැපුම්ගොඩ ග්‍රාමයේ 25 හැවිරිදි “සබීනා ටී.යූසෆ්” 2025 ශ්‍රී ලාංකික විවාහක රූ රැජිනිය ලෙස කිරුළු පැලැන්ඳීය.
ඇය එම කිරුළ දිනා ගැනීමෙන් පසු මිගමුව කැපුම්ගොඩ ග්‍රාමයට පැමිණීමේ එම සුවිශේෂි අවස්ථාව පසුගිය 06 වැනි දින (06/10) සවස කැපුම්ගොඩ සාන්ත අන්තෝනී දේවස්ථාන මීසම් සංඝයේ ඇතුළු කැපුම්ගොඩ ප්‍රදේශයේ ජනතාව අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. එහිදී ඇයව විවෘත අශ්ව කරත්තයකින්, තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කරගත් අලංකාරවත් පා ගමනකින් ඇයව කැපුම්ගොඩ අංක 267/4 ස්ථානයේ පිහිට් ඇගේ නිවස වෙත කැඳවාගෙන යන ලදී. ඒ අතරතුර කැපුම්ගොඩ සාන්ත අන්තෝනී දේවස්ථානය වෙත පැමිණි ඇයට දේවස්ථානයේ මීසම් පාලක ගරු මාලක ප්‍රනාන්දු පියතුමා විසින් ආශිර්වාද මෙහෙයක් ද පැවැත්වීය. ඇයව නිවසට කැඳවාගෙන යාමේ එම අලංකාරවත් පා ගමන , ගමන් කරන අවස්ථාවේ මග දෙපස රැස්ව සිටි ජනතාව විසින් ඇය වෙත මල් කළඹ පිළිගන්වමින් හා ඔල්වරසන් නගමින් සුභ පැතුම් පිරිනැමූහ.IMG 20251010 WA0011 IMG 20251010 WA0008 IMG 20251010 WA0007 IMG 20251010 WA0005 IMG 20251010 WA0012

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස 2000 වසරේ මාර්තු මස 03 වෙනි දින උපන් ඇයට තවත් එක් බාල සොහොයුරක සිටි. ඇගේ පියා ඩෙන්මාර්ක් ජාතික යෙන්ස් ත්‍රෝසන් මහතා ඉංජිනේරුවරයෙක් වන අතර ඔහු මේ වන විට ඔහුගේම ඉංජිනේරු සේවා සපයන ව්‍යාපාරයක නිරත වේ. එලෙසම ඇයගේ මව වන මිහිඳුකුලසූරිය සුනේත්‍රා (සුනේත්‍රා ත්‍රෝසන්) මහත්මිය මීගමුව කැපුම්ගොඩ ග්‍රාමයේ අයෙකි. සබීනාගේ අත ගත් ඇගේ ආදරණීය සැමියා වන සැකරියා යූසෆ් මුස්ලිම් සම්භවයකින් හෙබි, ඩෙන්මාර්ක්  ජාතිකයෙක් වන අතර ඔහු එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
සබිනා යුසෆ් දැනට ඩෙන්මාර්ක් හි පදිංචිව සිටී. ඇය ද්විත්ව පුරවැසි ලාභියෙකු ( Dual Citizens ) වන අතර ඩෙන්මාර්කයේ පදිංචිව සිටියත් ඇය ශ්‍රී ලංකාවට මහත් සේ ඇලුම් කරයි.

IMG 20251010 WA0006IMG 20251010 WA0010

IMG 20251010 WA0009 IMG 20251010 WA0005 1 IMG 20251010 WA0006 1 IMG 20251010 WA0012 1

ඩෙන්මාර්කයෙ  ඉතා ප්‍රකට ජාත්‍යන්තර පාසැලක් වන ” ටොක්ස්වර්ඩ් ” පාසලෙන් සිය ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය නිමකළ ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳවත් තවද ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් පිළිබඳවද උසස් අධ්‍යාපනයේ නිරතව එම විෂයන් වලට විශිෂ්ට සම්මාන පවා ලබාගත් අයෙකි.මේ වන විට ඩෙන්මාර්කයේම ඇයගේම ව්‍යාපාර කළමණාකරන ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර එලෙසම සිය ආදරනීය සැමියා වන සැකරියා යූසෆ් සමඟ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරය කිහිපයක් ද පවත්වාගෙන යනු ලබයි.

මෙරට තුළ ඇය පිළිබඳව කතාබහට ලක්වන්නේ මීට වසර වසර 09 කට පෙර එනම් 2016 වසරේ ඇය ” යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජිණ ” ලෙස කිරුළු පලන් මොහොතේ සිටය .

එවකට ඇය උසස් අධ්‍යාපනය ලබන ( සබිනා ත්‍රෝසන් ) තරුණියකි. රූප රැජිනියක් තේරීම යනු සමේ පැහැය සහ බාහිර චමත්කාරය ට පමණක් සීමා වුණු තරගයක් නොව අධ්‍යාපනික පසුබිම, උගත්, බුද්ධිමත් භාවය, හැසිරීම, සහ සමාජයට දක්වන ගෞරවය යනාදී ගුණාංග පිළිබඳවද විනිශ්චය කෙරෙන තරගයකි. මේ සියලු නිර්ණායකයන් ජයගෙන , ඒ අනුව 2025 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරන විවාහක රූ රැජිණිය ලෙස ඇයව තෝරා ගනු ලැබීය.

සබිනා මේ වන විටත් සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට ඇප කැප වී සිටි. පිළිකා රෝගීන් සහ වකුගඩු ආශ්‍රිත රෝගීන් වෙනුවෙන් අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇය ප්‍රමුඛව කටයුතු කරයි.
එලෙසම ඇය තමා වෙසෙන කැපුම්ගොඩ ග්‍රාමයේ ඇතුළු මීගමුව පුරවරයේ තම, ආදරනීය සහෝදර ජනතාවට සේවය කිරීමටද බලාපොරොත්තුවෙන් සිටි.

විශේෂයෙන්ම මීගමුව පුරවරයේ දිළිඳු පාසල් දරුවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් නැන්වීම සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමට තමන් ඉදිරි කාලයේදී තම දායකත්වය ලබාදීමටද කටයුතු කරන බව ඇය පවසයි.

සබිනා යූසෆ් සෑම විටම පවසන එක් වදනක් ඇත, එනම් ලොව ඕනෑම අයෙකුට හිස පැළඳිය හැකි මිල කළ නොහැකි අගනා , වටිනාම කිරුළ අධ්‍යාපනය බවයි.

ඒ අනුව ඇයද සෑම විටම පාහේ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.
එසේ නම් එළඹෙන 2026 වසරේ ඇමරිකාවේ ලස්වේගාස් නගරයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ තරඟය ජයගෙන ශ්‍රී ලංකාවට, සහ මීගමුව පුරවරයට අභිමානයක් ගෙන එන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ” මීපුර ” අපද මෙලෙස මේ සොඳුරු රුවැත්තියට සුභ ප්‍රාර්ථනා එක් කරමු.. ….

(ඡායාරූප ලබාදීමෙන් සහය වූ, කැපුම්ගොඩ, සැලුන් ෂෙලුස් හී ශර්මිලා රණවිර මහත්මියට විශේෂ ස්තූතිය පලකරමු.)

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here