
(11.45 am )මිගමුව මහනගර සභාවේ ශ්‍රවණාගාරය සඳහා රු කෝටියකටත් වඩා වැඩි මුදලක් වැය කරමින් පුටු 298 ක් මිළදි ගැනිමට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබි තිබුණද මෙවර මහ සභාවේ කාරක සභා අවස්ථාවේදි සජබ නාගරික මන්ත්‍රී මොහොමඩ් නුස්රි විසින් මේ පිලිබදව ප්‍රශ්ණ කර ඇතැයි වාර්තාවේ.
ඔහු මෙහිදි අවධාරණය කර තිබුනේ ශ්‍රවණාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු පවා නිසි ලෙසින් නිම නොකර ඇති පසුබිමක මේ ආකාරයට විශාල මුදලක් වැය කරමින් පුටු මිළදි ගෙන ඒවා සවිකිරිම ගැටළු සහගත බවය.
ශ්‍රවණාගාරය සැබැවින්ම ප්‍රතිසංස්කරණය කළයුතුව තිබේ.එය වැස්සට තෙමෙයි. තතු මෙසේව තිබියදි රු කෝටි ගණනක්(වැට් රහිතව රු 9536000 ) වැයකරමින් මේ පුටුසවි කිරිම සැබැවින්ම අපරාධයකි.
මේ මුදල් the way holdings සමාගමට ගෙවිමට මුදල් කාරක සභාව ගත් තින්දුව දැනටමත් අභියෝගයය ලක්ව ඇති නිසා ඒ සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් 8 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එම අද (15 ) කමිටුව අද දිනයේ රැස්විමට නියමිතව තිබේ.
මේ දිනවල මහනගර සභාව තුල කථා බහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ද මුදල් නැතිකමයි.











