මාළු මිළ ඉහලට ! සාලයා රු 350යි! හුරුල්ලා රු 650යි

0
370

 

මාළු මිරිසට ,ගම්මිරිසට,ඩෙල්වල් දාලා ,බැදල ,ඇඹුල් තියල් දාල කව්ද කන්න අකැමැති

එහෙම ආස අයට මෙන්න ලාස්ට් චාන්ස් එක තමයි මේ දවස් කියල තමයි අපි කලින් ලිව්වේ .

ඒ කතාව දැන් හරියාගෙන එනවද මන්ද ? මොකද අද මිගමු දූව පිටිපන ලෙල්ලමට ඇවිත් තිබුන මාළු තොග ප්‍රමාණය අඩුවෙලා විතරක් නෙමේ අද මිළත් ඉහල ගිහින්.

පහුගිය දවස් රු 100ට පමණ අලෙවි වුන සාලයා කිලෝයක් අද රු 300ත් රු 400ත් අතර මිලක තමයි පවතින්නේ.

බලයා මිළ වුනත් තරමක් ඉහල ගිහින්.පහුගිය දවස් වල රු 500ට තිබුන බලය කිලෝවක් අද රු 650ක්.

කම්බලා පැටව් කිලෝවක් පහුගිය දවස් වල රු 400ට තිබුනට අද රු 500ක්.

මිගමුවේ දූව පිටිපන ලෙල්ලම පිරෙන්න මාළු එන්නේ තවත් සති දෙකක් වගේ කාලෙකට විතරයි කියල තමයි කලින් දවස් වල ලිව්වේ .

.ඒ දවස් වල නම් පට්ටම ලාබෙට මාලු ගන්න පුලුවන්කම තිබුන.

කොහොම වුනත් අද තත්වය ටිකක් වෙනස් .
කෙලවල්ලා රු 1300ක්.හබරලි රු 700යි.ලින්නා රු 450ත් 550ත් අතර මිළක පවතිනව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here