මිගමු වැල්ලේ මාළු කඩේ අයිති  පල්ලියටද?

0
1116

fish market 2
fish market 2
මාළු වෙළද සැල එදා තිබුණ විදිය
තහඩු
සැලසුමක් නැති ඉදිකිරිම මාළු කඩේට වෙච්ච දේ 

මීගමුවේ වැල්ල යනු එදා දහස් ගණන් ජනයා නිදහසේ පැමිණ සිය විවේකය ගත කළ ස්ථානයයි.

මිගමු වැල්ල

එදා ඒ වැල්ලට පල්ලිය අයිතිවාසිකම් කිවේ නැත.
ඒ නිසාම මීගමුවේ පමණක් නොව වෙනත් පලාත්වලින්ද මීගමුවට එන  ජනයා සිය විවේකය නිදහසේ ගතකරන ප්‍රධානතම තැන බවට පත්කරගෙන තිබුනේ මේ මිගමු වැල්ලයි.

කෙසේ වෙතත් මේ වැල්ලට දැන් අයිතිවාසිකම් කියන්නේ වැල්ලවිදිය පල්ලියයි.
එහෙත් එයට කිසිදු නිත්‍යාණුකූල පසුබිමක් ඇති බවක් නොපෙනේ.

වෙරළ යනු රාජ්‍ය දේපලකි.

ඒ සම්බන්ධයෙන් ථෙතිහාසික නඩු තින්දුවක් පවා ඇත.
වෙරළ යනු රාජ්‍ය දේපලකි.

එහෙත් මේ මීගමු වැල්ල නිමල්  ලංසා විසින් සිය අනාගත දේශපාලනය වෙනුවෙන් වැල්ලවිදියේ එකාබද්ධ ධිවර සංවිධානය වෙත පළමුව පැවරු අතර පසුව එය වැල්ලිවිදියේ පාලනයට කිසිදු නිතිමය පදනමකින් තොරව පවරා දෙනු ලැබීය..
එහෙත් එක්තරා අවස්ථාවකදි හිටපු ඇමති  නිමල්‍  ලංසා වරක්  ලංකාදිප පුවත් පතකට ලබාදුන් සාකච්ජාවේදි පවසා ඇත්තේ  වැල්ල පල්ලියට අයිති බවය.
එසේ නම් අපට අසන්නට ඇත්තේ සරල පැනයකි.9k=

ලංසා නොදන්නා රාජ්‍ය මුල්‍ය රෙගුලාසි

ආණ්ඩුව හෝ පළාත් පාලන ආයතනයක් කාගේ හෝ පුද්ගලික ඉඩමක පොදු ව්‍යපෘති ක්‍රියාත්මක කරයිද යන්නයි.
ඒ බව නිමල් ලංසා හොදින්ම දනි.

එය රාජ්‍ය මුදල් රෙගුලාසිවලට මුළුමනින්ම පටහැනිය.
TRIP නැමැති ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 400 ක් වියදමින් ඉදිකෙරුන මීගමුව මාළු වෙළද පොල අයිති පල්ලියටද?
එසේ නම් එහි ප්‍රගතිය ගැන අදාල රාජකාරිමය විමසිම් එදා මීගමුව මහනගර සභාවෙන් කරණු ලැබුවේ ඇයි  ?
ඒ ව්‍යාපෘතිය ගැන මීගමුව නගර සභාව ලබාදුන් පිළිතුර කුමක්ද ?
2013 ආර්ථික කටයුතු ආමාත්‍යංශය විසින් මිගමුව නගරාධිපතිවරයා වෙත එවා ඇති ලිපියේ මේ ගැන ඉතා පැහැදිලිව සදහන් කර ඇත.

මාළු වෙළද මධ්‍යස්ථානයේ අයිතිය මේ අනුව ඉතාමත් පැහැදිලිව ලිඛිතව දක්වා ඇත්තේ එහි අයිතිය සහ ආදායම් උත්පාදනය සහ නඩත්තුව මිගමුව මහනගර සභාවට පැවරි ඇති බවය.ඒ ගැන තහවුරු කරන්නට මිටත් වඩා සාක්ෂි ඇවැසි නැති බව මිගමුව නාගරික කොමසාරිස්තුමිය මෙන්ම වත්මන් නගරාධිපතිතුමන් හට ඉතාමත් අවධාරණයෙන් යුතුව කියා සිටිමු.

නිමල් ලංසාගේ පාසැල් මිතුරෙකු විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අදාල ගොඩනැඟිලි සැලැස්ම සකස්කර තිබුණි.ලුණු වතුර යකඩ සහ තහඩු ඔරොත්තු නැති බවත් මළකඩ ඇතිවන බවත් මේ පුද්ගලයාට නිනව් තිබි නැතුවා සේය.

දිරාපත්ව කඩාවැටුන මාළු කඩේ යකඩ ඉන් ඉවත් කිරිමේ ජාවාරමක්ද එකල ක්‍රියාත්මක විය.

වරක් මහනගර සභාවේ නිළධාරින් පිරිසක් එහි යන විටත් මාළු වෙළද සැලේ තහඩු සහ යකඩ කිසියම් පිරිසක් විසින් ලොරියකට පටවමින් සිටි බවද අප එදා වාර්තා කලෙමු. ලක්ෂ 400 ක වියදමකින් ඉදිකරන්න යෙදුන රාජ්‍ය දේපලකට අයිතිවාසිකම් කියන්නට පමණක් නොව හිතුවක්කාරි ලෙසින් ඒ දෙපල කඩා යකඩ බඩු කඩවලට විකිණිමටද කිසිදු අවසරයක් නැති බව පල්ලිය පවා ඉතා හොදින් දැනගත යුතුව තිබේ

නීතියට උඩින් කිසිවක් නැතැයි ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පවසන්නට යෙදුණි.වත්මන් නගරාධිපතිවරයා ජේෂ්ඨ නීතිඥයකි.පවුලක් විසින් පාලනය කළ මිගමුවට නීතිය පදනම් කොට ගත් පාලනයක් හැකි ඉක්මනින් රැගෙන ඒමේ වගකීම ඔහු සතුය.

වෙරළ පල්ලියට අයිති නැත.මේ ලියවිල්ල ප්‍රබලතම සාක්ෂියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here