මේ දවස්වල අපේ වෙබ් එකේ පලවෙච්ච ලිපි පදනම් කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩනැගෙමින් තියෙනවා.
මිගමුව වැල්ල, මාළු කඩ, කරවල නිෂ්පාදනය ගැන විවිධ අදහස් දැනටමත් මතුවෙමින් තියෙනවා.
මිගමු වැල්ල කියන්නේ මිගමුවේ විතරක් නෙමේ පිටපළාත්වලින් පවා මිගමුට ආපු පරම්පරා ගානක සුන්දර මතකයන් සහිත අපුරු තැනක් . ඒ හැමෝටම මිගමු වැල්ල ගැන කියන්න කථා එමටයි
මිගමු වැල්ල කියන්නෙ මීගමුවට brand එකක්..
නමුත් මේ සුන්දර වැල්ල දැන් කරවල වේලන තැනක් බවට පත්වෙලා. මිගමු වැල්ල කියන එක විනාශ වෙලා.
කරවල වේලන්න දැන් විකල්ප යෝජනා සැලසුම් කරල මිගමු වැල්ල යළිත් වරක් ජනතා අයිතියට පත්කරනවා නම් දැන් තමයි වෙලාව.
කරවල කියන්නේ මිගමුවේ ජිවිතත් එක්ක බැදුන ප්‍රධාන ක්ෂේත්‍රයක්.ඒ නිසාම ඒ අයට තමන්ගේ රැකියාවට වඩාත් හොදට කරන්න හැකි විකල්ප හැදෙන්නම ඕනා.
පවුලක පුද්ගලික උවමනාවන් වෙනුවෙන් මිගමුවේ සම්පත් පරිහරණය කරන්නට බලය තිබුන කාලය දැන් හමාරයි.
එයාලා එදා ඒ බලය භාවිතා කරල කරපු වැඩ හින්ද දැන් අර්බුද ගොඩක් නිර්මාණය වෙලා.
නව රජය මිගමුව වැල්ල යළිත් ජනතා අයිතියට පත්කිරිමට පියවර ගනියිද කියන ප්‍රශ්ණයක් දැන් ඉතිරි වෙලා තියෙනවා.
පහුගිය දවසක මිගමුවේ වැල්ල ගැනත් මාළු කඩේ ගැනත් බලන්න ඇමතිවරුම දෙන්නෙක් ඇවිත් හිටියා.ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වගේම මිගමුව සංවර්ධන කමිටුවේ සභාපතිත් මේ ඇමතිලම තමයි.මිගමුව ගැන තීන්දු ගන්න ප්‍රධාන දේශපාලන අධිකාරිය.
මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ප්‍රධානින්වත් කරවල වේලන වැල්ලට එදා කැදවලා තිබුනා.
මේ වැල්ලේ කරවල වේලන එක විතරක් නෙමෙයි තවත් නිති විරෝධි ඉදිරිකිරිම් එහෙමත් පහුගිය කාලේ පුරාම සිද්ධ වෙලා තිබුණ.
සමහර කරවල නිෂ්පාදකයෝ හරියට දැන් මේ වැල්ල පාවිච්චි කරන්නේ එයාලගේ පුද්ගලික බූදලයක් වගේ
හැබැයි මිගමුව ගැන හොදටම දන්න අයට තමයි මේකට මැදිහත්වෙන්න පුලුවන්.
පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට මිගමුවෙන් ඡන්දේ ඉල්ලපු වෛද්‍ය හෙන්රි රොසාරියොත් එදා ඇවිත් හිටියා.
පුනරුද දේශපාලන අධිකාරිය මේ නිරික්ෂණ චාරිකාවෙද ප්‍රශ්ණයේ බරපතලකම කොයි විදියට තේරුම් ගත්තද කියල නම් දන්නෙ නෑ.
කොහොම උනත් ඊළඟ සංවර්ධන කමිටු රැස්විමටවත් මිගමුව වැල්ල ගැන කතිකාවක් මතුවෙයිද කියල බලමුකෝ
මිගමුව වැල්ලට ආදරේ කරන අය ඉදිරිපිට දැන් ලොකු අභියෝගවක් තියෙනවා.ඒක මගඅරින්නම බැරි එකක්..












