සජිත් මෝගන් කියන්නේ මිගමුව මහනගර සභාවේ මිට කලින් එජාප නියෝජනය කරමින් දශකයකටත් වැඩි කාලයක් .
දේශපාලනයේ නියැලුන දමිල මන්ත්‍රිවරයෙක්.දැනට මහසභාවේ ඉන්න ජේෂ්ඨතම නාගරික මන්ත්‍රිවරයා.
මෙවර ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ් ස්වාධින අපේක්ෂතයෙක් හැටියට.
සජිත් මෝගන් මහනගර සභාවට අයත් දේපල සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක් ගේනවා කමාච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය සම්බන්ධයෙන්.
පහුගිය දවස් වල මේ ගැන ලොකු සංවාදයකුත් ගියා .
සමහරු මේක කියන්න උත්සාහ කලා සා.මරියා විදුහලට අයිති ක්‍රිඩා පිට්ටනියක් කියල.
සජිත්ගේ යෝජනාව වුනේ මේ පිට්ටනියේ අයිතිය ගැන ඒ ගැන හරියට රාජ්‍ය ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්න කියල.
නමුත් මේ වැදගත් යෝජනාව මහසභාවට ඉදිරිපත් කරන්න නගරාධිපති හීන්කෙන්ද බෑ කියනව.
මේ බෑ කීමම අතුරු ව්‍යවස්ථාවට පටහැනියි කියල පළාත් පාලන නීතිය දන්න අය කියද්දිත් තමයි නගරාධිපති බෑ කියන්නේ..
මිට කලිනුත් සජිත් මෝගන් තව යෝජනාවක් ගේනවා.ඒ නගරයේ පර්චස් 6ක කරනු ලබන ඉදිකිරිමක් නීතිවිරෝධි නැ කියන කරුණ සම්බන්ධයෙන්.
නාගරික සංවර්ධන අධිකාරිය මේක පර්චස් 10 කරන්න කියද්දි ඒකට විරුද්ධව තමයි කලින් තිබුන පර්චස් 6 අනුමත කරන්න කියන යෝජනාව සජිත් ගේන්නේ
මේ යෝජනාවටත් නගරාධිපති හීන්කෙන්ද බෑ කියනව මහ සභාවට දාන්න.
ඇයි මේ? මොකද නගරාධිපතිට වෙලා තියෙන්නේ ?මෙයා පළාත් පාලන නීතිය දන්නේ නැද්ද ? එහෙම නැත්නම් ඇත්තටම මෙයා බයද ?












