අවැතැන් වු ජනයා වෙනුවෙන් මිගමුවේ විවිධ ව්‍යාපාරික ආයතන විසින් පරිපාලන අධිකාරියේ ඉල්ලිම පිට ලබා දි තිබුන භාණ්ඩ තොගයක් කොමසාරිස්තුමියද නගර සභාවෙන් ගිය පසු කිසියම් පුද්ගලයෙකු විසින් ජිප් රථයකට පටවා ගෙන රැගෙන ගොස් ඇතිද යන සැකයක් මතුව තිබේ
පරිපාලන අධිකාරිය විසින් මෙසේ එකතු කරනු ලබන භාණ්ඩ නිසි ලෙසින් ලයිස්තු ගතකළ යුතු අතර ඒවා මිගමුවේ ජනයාට ලබාදුන් ආකාරය ගැනද විධිමත් ලෙසින් ලයිස්තු පවත්වාගෙන යා යුතුව තිබේ.
තතු එසේව තිබියදි දේශපාලන අධිකාරියේ බලපුලුවන්කාර කම් මත මේ බඩු කිසිදු විධිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකර නගර සභාවෙන් පිටතට ගෙන යා හැකිද?
අද සවස් 5.30න් පසුව සිදුව ඇතැයි සැක කරන මේ සිදුවිම ගැන කොමසාරිස්වරිය නිසි පරික්ෂණයක් කළ යුතුව තිබේ.
මතුව ඇති සැකයට අදාලව ඇත්තටම සිදුව ඇත්තේ කුමක්ද යන්න කිව යුතුව තිබේ.
එතෙක් මේ සැකය සාධාරණ එකකි.
එසේ නොවන්නේ නම් පරිපාලන අධිකාරිය සද්භාවයෙන් කරගෙන යනු ලබන මේ කටයුතු සම්බන්ධයෙන් පවා විශ්වසනිය භාවය පිලිබද ගැටලු මතුවිම නොවැලැක්විය හැකි තත්වයකි.
ඒ කව්ද ? ඒවා රැගෙන ගියේ කොහාටද කොමසාරිස්තුමියද නැති අවස්තාවක ඒ පුද්ගලයාට එසේ කිරිමට නියෝග දුන්නේ කව්ද?
අවතැන් වුවන්ගේ සහනාධාර වලින් දේශපාලනය කරන්නට යන්නේ කව්ද?
මිට පෙර නගර සභාව වෙත ලැබුන බත් පාර්සල් තොගයක්ද දේශපාලන මැදිහත්විම මත වෙනත් ප්‍රදේශයකට යවා ඇතිබවට චෝදනාවක්ද පවති.
එහෙ යැව්වත් කන්නේ ජනතාව නම් කමක් නැතැයි කියා ඇතමුන් තර්ක කල හැකි නමුදු සැබැවින්ම එය ඒ තරම්ම සරල නැත.
ඉන් කියැවෙන්නේ වැරදි දේශපාලන සංස්කෘතියක් ගැන සැබැවින්ම බියකරු චිත්‍රයකි.
පවතින්නේ ව්‍යසනකාරි තත්වයක් වුවද විනිවිදභාවය හැකි උපරිමයෙන් රැකිය යුතුව තිබේ.












