සෙල්ලම් පිට්ටනි කියන්නෙත් මිගමුවේ ලොකු හබයක් තියෙන ප්‍රශ්ණයක්.
සමහරු ඉස්කෝලෙකට එක ගානේ පිට්ටනි ඉල්ලන්නත් පටන් අරන්.
එහෙම උනොත් අනිත් ඉස්කෝලත් කිව්වොත් අපට ලගින්ම තියෙන පිට්ටනිය අපට දෙන්න කියල මාර වැඩේ වෙන්නේ.
වැඩේ කියන්නේ මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නෑ.
පවුලක ආසාව තමයි මිගමුවේ ඉඩම් ප්‍රතිපත්තිය වුනේ.
හැබැයි දැන් ඒ කාලේ ඉවරයි.
පවුලක් මිගමුව පාලනය කරන කොට එයාලගෙ යාලුවෝ තමයි මිගමුවේ සෙල්ලම් පිට්ටනිවල භාර කාරයෝ.
නිකන් හාෆ්ෂිට් වල ලියලත් සමහර තැන්වලට සෙල්ලම් පිට්ටනි දිල තිබුනා
දැන් මතුවෙලා තියෙන අලුත් කතා බහක් තමයි මිගමුවේ සෙල්ලම් පිට්ටනි අයිති ප්‍රාදේශිය ලේකම්ටද මහනගර සභාවටද කියන කාරණය.
දැන් මේ කබ ඇදිල්ල අස්සේ සමහරු ට්‍රයි කරන්නේ ප්‍රා.ලේ ගෙන්. හරි සෙල්ලම් පිට්ටනියක් අරගන්න
හැබැයි ඇත්ත කතාව තමයි මිගමුවේ සෙල්ලම් පිට්ටනි කියල තියෙන ඒවා අයිති මිගමු මහනගර සභාවට කියන එක.
මේවල අයිතිය තවත් තහවුරු කරල මහනගර සභාවේ අයිතිය තවත් ස්ථාවර කරන්න විපක්ෂය අරන් එන යෝජනාවලටත් මේ ඉන්න නගරාධිපති ඉඩ නොදිම බරපතල වරදක්.ඇයි එහෙම කලේ කියන එකත් ඇත්තටම ප්‍රශ්ණය.සභාවට අයිති දේපලක ඒ නිත්‍යානුකුල අයිතිය තහවුරු කරගැනිමට තිබුන අවස්ථාවක් ඇයි එහෙම පැහැර හැරියේ ?
කොහොම උනත් පහුගිය දවස් වල ශා.මරියා විදුහලට තමයි කාමච්චෝඩේ පිට්ටනිය අයිතියි කියල කිසිදු පදනමක් නැතුව කෑහපු අය ඇත්ත දැනගන්නම ඕනා නිසා තමයි මේ හෙළිදරව් කිරිම අපි කරන්නේ
දැන්වත් පැහැදිලියිද ඇයි අපි දිගටම කිව්වේ කාමච්චෝඩේ පිට්ටනිය අයිති මිගමුව මහනගර සභාවට කියල.













