අනවසර ඉදිකිරිම් පිළිබද ජනපතිගේ ප්‍රකාශය සහ මිගමුව?

0
261

රට පත්ව ඇති   ව්‍යවසනකාරි තත්වය හා බැඳුනු ඇතැම් අනවසර ඉඳිකිරිම් සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර ඉතාමත් වැදගත් තීරාණාත්මක ප්‍රකාශයක් කර තිබුණි.

මින්පසු අනවසර ඉදිකිරිම් වලට ඉඩක් නැතැයි ඔහු අවධාරණය කර තිබේ.

Screenshot 20251206 224740

මිගමුව අරභයාද මේ ප්‍රකාශය ඉතාමත් වැදගත් වන්නේ පසුගිය දශක දෙකක පමණ කාලය තුල පවුලක පාලනයකට නතුව තිබුන මිගමුව තුල ඇති අනවසර ඉදිකිරිම් ප්‍රමාණය ඉතාමත් ඉහල අගයක පැවතිම නිසාමය.

මිගමුවේ ජලගැලිම් වලට තුඩු දෙන ප්‍රදේශ බොහොමයකට එක් ප්‍රධාන හේතුවක් වි ඇත්තේද මේ අනවසර ඉදිකිරිම්ය.

එහෙත් කණගාටුවට කරුණ වන්නේ ලංසා පවුලේ ආශිර්වාදය මත පුනරුද පාලන කාලය තුලදි පවා ඉදිකර තිබුන නිති විරෝධි පෙට්ටි කඩයක්වත් ඉවත් කර ගැනිමට මිගමු⁣වේ වත්මන් පාලනයට නොහැකිව තිබිමය.

ජනපතිගේ මේ ප්‍රකාශයෙන් පසුව හෝ මෙතෙක් කිරිමට නොහැකිව තිබුනද මිගමුවේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට සක්‍රීය වැඩපිළිවෙලට කඩිනමින් යොමුවනු ඇතැයි විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here